Ad
Ad

රාජපක්ෂලාගෙන් මුස්ලිම් ජනතාවට හානියක් නැහැ : ගෝඨාගෙන් පොරොන්දුවක්.




රාජපක්‍ෂ පාලනයක්‌ යටතේ මුස්‌ලිම් ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ වාතාවරණයක්‌ ඇති කරන බවත් සිංහල, දමිළ, මුස්‌ලිම් ජනතාවට සතුටින් ජීවත්විය හැකි සංවර්ධිත රටක්‌ බවට ලංකාව පත් කරන බවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

රාමසන් උත්සවය සමරමින් පෙරේදා (27 වැනිදා) සවස මග්ගොන පැවැති ඉෆ්ථාර් ආගමික මෙහෙයට සහභාගි වෙමින් ඔහු එසේ කීය.

බේරුවල මිල්පර් කපූර් පදනම සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී තවදුරටත් කතා කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද පැවැසීය.

''යුද්ධය අවසන් කිරීමෙන් පසු අපේ රජය නැගෙනහිරත් උතුරත් සංවර්ධනය කළා. මුස්‌ලිම් හා දමිළ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ කළා. ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරයක්‌ ලබා දුන්නේ නැහැ. 2005 වසරේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රට වෙනුවෙන් මට වගකීමක්‌ භාර දුන්නා.

ඒ ත්‍රස්‌තවාදය පරාජය කිරීමයි. එම කාලයේ නැගෙනහිර මුස්‌ලිම් ජනතාව ඇතුළු යුද්ධයෙන් පීඩා වින්ද සියලුම ජනතාව වෙනුවෙන් ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමට මට හැකි වුණා. එම කටයුත්ත මා ඉෂ්ට කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා බොදුබල සේනා සංවිධානය සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවට චෝදනා එල්ලවී තිබිණ.

ත්‍රස්‌තවාදය නැති කිරීමෙන් පසු ජනතාවට සාමයෙන් සතුටින් ජීවත් වීමට හැකි පරිසරයක්‌ ඇති කළා. මුස්‌ලිම් හා දමිළ ජනතාවට විශාල සේවයක්‌ කළා. ඔවුන්ට ආදරයත්, ගෞරවයත් දැක්‌වූවා.

එහෙත් දේශීය හා විදේශීය කුමන්ත්‍රණකරුවන් මහින්ද රාජපක්‍ෂ පාලනය ගැන රට තුළ අප්‍රසාදයක්‌ ප්‍රචාරය කළා. ඒ අසත්‍ය ප්‍රචාර ගැන අපට ජනතාව දැනුවත් කිරීමට නොහැකි වුණා.

අද එම ප්‍රචාරයන් අසත්‍ය බව ජනතාව පිළිගෙන තිබෙනවා. සිංහල දමිළ මුස්‌ලිම් ජනතාවට ගෞරවයෙන් ජීවත් විය හැකි පරිසරයක්‌ අපි බිහි කළා.

මා ආරක්‍ෂක ලේකම් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඹ නගරය සංවර්ධනය කළා. එවිට අසත්‍ය ප්‍රචාර ගෙන ගියා.

බේරුවල දර්ගා නගරයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසුව එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට කටයුතු කළා.

මේ රට අපි සංවර්ධනය කරන විට සෑම පුද්ගලයෙකුට ආරක්‍ෂිතව ජීවත් වීමේ පරිසරයක්‌ ඇති කරනවා. සෑම දෙනාටම හිසට වහලක්‌ දරුවන්ට සුදුසු අධ්‍යාපනයක්‌ ලබා දෙනවා. ලංකාව සංවර්ධිත රටක්‌ කරනවා යෑයිද පැවැසීය.
Powered by Blogger.