ජනපතිගේ කතාවට එජාප නිල ප්‍රතිචාරය අදම.




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද උදෑසන 09.00ට රැස්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් අධ්‍යනය කර තීරණයක් ගැනීමට නියමිතය.

අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂයේ නිල ප්‍රතිචාර දක්වනු ඇතැයි ද එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ඒකකයේ ප්‍රකාශකයකු පැවසිය.

එක්සත් ජාතික පක්‍ෂය හා එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ දැඩි විවේචනයක් එල්ල කරනු ලැබීය.

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවති ගුණ සමරු උත්සවය අමතමින් ජනාධිපතිවරයා දැඩි ආවේගාත්මක අදහස් දැක්වීමක් කලේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පෙරවරු 9 ට ආරම්භ වන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Latest Video

Powered by Blogger.