ඒකාබද්ධය 20ට විරුද්ධ වෙයි



ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනා කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්‍ෂය ඒකමතිකව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී ඊයේ (30දා) රාත්‍රියේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ  රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

20 වැනි සංශෝධනයට විරුද්ධ වීමට අදාළ යෝජනාව මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමට ඉදිරිපත් කර ඇති අතර, එහිදී පක්‍ෂ විපක්‍ෂ අදහස් ඉදිරිපත් වීමෙන් අනතුරුව එයට විරුද්ධ වීමට එම කණ්ඩායමට ඒකමතිකව තීරණය කර තිබේ.

20 වැනි සංශෝධනය හරහා මැතිවරණ සිතියම හැකිළීමේ සැලැස්මක් අන්තර්ගතව ඇති බැවින් මේ මොහොතේ 20 වැනි සංශෝධනය  සම්මත කිරීම නුසුදුසු බවත්, ව්‍යවස්ථාවේ එක් කාරණයක් පමණක් සංශෝධන කිරීම නුසුදුසු බවත් මෙහිදී තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයට යෑමට තීරණයක් ගත් බවත්, 20 වැනි සංශෝධනයට විරුද්ධ වීමට තීරණය කළ බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

Latest Video

Powered by Blogger.