චීනයේ 6000ක් ලංකාවේ වැඩ.



චීන ආයෝජන යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතියන්හි සේවය කරන චීන ජාතිකයන්ගේ සංඛ්‍යාව 6000ක් පමණ වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සභික (Councilor) යැංග් සොයුආන් මහතා පැවැසීය.

චීන තානාපති කාර්යාලයේ පැවැති වැඩසටහනකදී මේ බව අණාවරනය විය. චීන සේවකයන් මෙන්ම චීන කම්කරුවන්ද මෙයට අයත් බවත් ඒ පිළිබඳව නිවැරදිම තොරතුරු ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි බවත් ඔහු පැවැසීය.

චීන ජාතිකයන් හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධනය ක්‍රියාවළියට කළමනාකරණ උපදෙස් මෙන්ම, තාක්ෂණික සේවාද ලැබෙන බව ඔහු සඳහන් කර සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකාවට ලබාදී ඇති චීන ණය පිළිබඳව අදහස්  දක්වමින් යැංග් මහතා ප්‍රකාශ කළේ බොහෝමයක් ණය අඩු පොලී අනුපාත යටතේ ලබාදී ඇති බවත් ඒ අතර වාණිජ්‍ය ණයද පවතින බවයි.

එසේම එම ණය ආපසු ගෙවීමේදී දිගු කාලයක් ලබා දී ඇති බවත් ඔහු පැවැසීය.

Info Sri Lanka TV

Powered by Blogger.