2020 දී එජාපයේ ජනාධිපතිවරයෙක්.

2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති වරයෙක් බිහිකිවරයෙක් බිහි කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (06) ප්‍රතිඥාවක් ලබා දුන්නා.

 ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පක්ෂයේ මැයි රැළිය අමතමින්ය.

එක්සත්ම ජාතික පක්ෂය සුදුස්සාට නිසිතැන  ලබා දීම  සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් පක්ෂයක් බව නව මහ ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මැයි රැලියේ කළ කතාවෙන් කොටසක් පහතින් දැක්වෙයි

"අද මේ මැයි දින සැමරුම වැදගත් වෙන්නේ පක්ෂයේ පහලම තැන ඉඳලා.. ගමේ ඉඳලා ඇවිත් මේ පක්ෂයේ මහලේකම් දක්වා ගමන් කරලා ඉන්න නිසා..ඒක මට ආඩම්භරයක්. 

එදා මම මේ පක්ෂයේ මැයි දිනය සමරන්න එනකොට මම මේ පක්ෂයේ කිසිම කෙනෙක්ව අඳුනන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය යනු කාටවත් තනි අයිතියක් තියෙන පක්ෂයක් නෙමෙයි. කැපවීම සහ ඕනෑකම තියෙනවා නම් ඉස්සරහට එන්න පුලුවන් පක්ෂයක්.

මට මේ තනතුර භාර දෙනකොට ගොඩක් අය ඇහුවා අකිලට මේක කරන්න පුළුවන්ද කියලා. මම ඔබට අද ප්‍රතිඥාවක් දෙනවා.  අපි අපේම නායකයෙක් අපේම ජනාධිපතිවරයෙක් විස්සයි විස්සේදී බිහි කරනවා. ඒ තැනට මම මේ පක්ෂය සූදානම් කරනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය බාර දෙනකොටත් වෙනත් ඕනෑම තනතුරක් මට ලැබෙනකොට ගොඩක් අය අහපු දෙයක් තමයි අකිලට මේක කරන්න පුළුවන්ද කියන එක. 

හැමදාම ප්‍රශ්න ගොඩක පැටළිලා තිබුණු අධ්‍යාපන අමාත්‍යාංශය අද හොඳ තැනක් වෙලා අධ්‍යාපනයේ විශ්වාසයක් ඇති තැනක් බවට පත්වෙලා තියෙනවා."

Info Sri Lanka TV

Powered by Blogger.