එජාප ඇමතිලා සිය ඇමති ආරක්ෂාව වෙනස් කරන්න යයි?


තම පෞද්ගලික කරුණු මාධ්‍ය හා රජයේ ඉහල ස්ථානවලට ලැබෙන බවට වන සැකයක් මත එජාප අමාත්‍යවරු කිහිපදෙනෙකු ඔවුන් වෙත ලබාදී ඇති අමාත්‍ය මණ්ඩල ආරක්ෂාව වෙනස් කිරීමට සැරසෙන බව රජයේ දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, එජාප මැයි දිනයට එක් නොවූ ප්‍රබල අමාත්‍යවරයකු තමා එයට සහභාගි නොවී සිය මහගෙදරට ගිය බව අදාළ ආරක්ෂකයින් පමණක් දැන සිටියදී එය මාධ්‍යවෙත වාර්තාවීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි පැවසේ.

එම අමාත්‍යවරුන් සිය ආරක්ෂක නිලධාරීන් කඩිනමින් වෙනස්කර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.

එජාප මැයි දිනයට එක් නොවූ අය අතර අමාත්‍ය සාගල රත්නායක සහ එම පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම ද සිටි අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් වත්මන් සභාපති කබීර් හෂීම් සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන්ට ද බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට විශේෂ හේතුවක් නිසාද එක් නොවන බව දන්වා තිබූ බව මාධ්‍ය හෙළිකර තිබිණි.

ඊට අමතරව රංජිත් අලුවිහාරේ, දයා ගමගේ, පාලිත රංගේ බණ්ඩාර, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක, මයන්ත දිසානායක සහ අශෝක අබේසිංහ යන මහත්වරුන් ඇතුළු කිහිපදෙනෙකුද ඒ සඳහා එක්ව නොසිටියහ.

Latest Video

Powered by Blogger.