වැලිකඩ රැඳවියන් ඝාතනය : මත්ද්‍රව්‍ය කාර්යාංශ හිටපු අධ්‍යක්ෂකගෙන් සහ හිටපු ඇමැතිගෙන් ප්‍රකාශ.


වැලිකඩ රැඳවියන් ඝාතන සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ නාලක සිල්වාගෙන් හා හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර යන අයගෙන් ප්‍රකාශ ලබාගත් බව රහස් පොලිසිය ඊයේ (8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හට වැඩිදුර වාර්තාවක් මගින් දැනුම් දුන්නේ ය.

දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් ෂමිල් රන්ජන් ළමාහේවා හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන අය රහස් පොලිසිය වෙත ලබාදුන් ප්‍රකාශ තහවුරු කර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂක නාලක සිල්වා යන අයගෙන් සහ හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර යන අයගෙන් ප්‍රකාශ ලබාගත් බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කෙළේය.

වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කරන ලද සෝදිසි කිරිමේ දී රැදවියන් 27 දෙනකු ඝාතනය කිරි‍මේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නායෝමාල් රංජිව මහතා මේ මස 22 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (8) නියම කෙළේය.

සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරි දින වැඩිදුර වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙසට රහස් පොලිසියට නියම කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියම කෙළේය.

සිද්ධිය ඊයේ (8) නැවත කැඳවු අතර බන්ධනාගාර අධිකාරිවරයා විසින් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කැර තිබිණ.

සැකකරුවන්ට අධිකරණය හමුවේ විශේෂ ආරක්ෂාවක් ලබා දි තිබු අතර මරණයට පත් වු රැදවියන‍්ගේ ඥාතින් ද අධිකරණය වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණ.

වර්ෂ 2012/11/9 වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වු නොසන්සුන්තාවයකින් පසු බන්ධනාගාරයට ඇතුළු වු යුදහමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමක දී මලින්ද නිලෙන්ද්‍ර නොහොත් මාලන්,නිර්මල අතපත්තු,මොහොමඩ් විජය රෝහණ නොහොත් ගුණ්ඩු මාමා ,චින්තමානි මෙහොට්ටිලාගේ තුෂාර චන්දන නොහොත් කලු තුෂාර,පොන්න කපිල නොහොත් අන්ද්‍රපුලිගේ ජොතිපාල,හර්ෂ ශ්‍රි කිර්ති පෙරේරා නොහොත් මංජු ශ්‍රි , මාලි සුසන්ත නොහොත් රයිගමගේ සුසන්ත පෙරේරා, කොණ්ඩ අමිල නොහොත් දේවමලලගේ මලිත් සමිර පෙරේ‍රා යන අය මෙසේ වෙනත් ස්ථානයකට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කැර තිබිණ.

සිද්ධියට අදාළව දැනට සිදු කරන ලද විමර්ශනවලට අනුව සාක්කිකරුවන්ගේ ප්‍රකාශ මත මෙම සිද්ධියෙන් අනතුරු රාත්‍රි කාලයේ දි යුද හමුදාව වැලකඩ බන්ධනාගාරයට ඇතුළු වි තත්ත්වය පාලනයෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් අතරින් තොරා ගත් රැදවියන් පිරිසක් ද වෙඩි තබා ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණය වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කැර තිබිණ.

මෙම කරුණු අනුව පොදු අරමුණු සහිතව මිනිමැරිමට කුමන්ත්‍රණය කිරිම,මිනිමැරිමට ආධාර අනුබල දීම ,මනුෂ්‍ය ඝාතනය කිරිම යන වරදවල් සම්බන්ධව කරුණු පැහැදිලිව අනාවරනය වන බවත් සැකකරුවන් වන හිටපු පොලිස් පරික්ෂක මෝසිස් රංගජිව ,හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන්ළමාහේවා හා බන්ධනාගාර මුලස්ථාන බන්ධනාගාර බුද්ධි ආරක්ෂණ අංශයේ ප්‍රධාන ජේලර් ඉමදුවගේ ඉන්දික සම්පත් යන අය මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස රහස් පොලිසිය අධිකරණය කරුණු වාර්තා කර තිබිණ.

සැකකරුවන් තිදෙනාගේ විදේශගමන් ඉකුත් පෙබරවාරි 26 වැනි දින අධිකරණය විසින් තහනම් කැර ඇත.

සිද්ධියට අදාළ ව රහස් පොලිසිය අධිකරණයට ගොනු කරන ලද වැඩිදුර වාර්තා සළකමින් ඉදිරි විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා සැකකරුවන් තවදුරටත් මේ මස 22 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණ.

Info Sri Lanka TV

Powered by Blogger.