Ad

අගමැතිට දොදුද? : සමෘද්ධිලාභීන් තේරීමේ බලය ප්‍රාදේශීය ලේකම්ට.


සමෘද්ධිලාභීන් තේරීමට මෙතෙක් සමෘද්ධි සංවර්ධන නිලධාරියා සතුව පැවැති තනි බලය දිසාපතිවරයා හරහා ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැවරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

දිවයින පුරා විසිරී සිටින ලක්ෂ 14 ඉක්ම වන සමෘද්ධිලාභීන්ගේ හිමිකම් පිළිබඳ ව සුදුසුකම් මුල සිට පරීක්ෂා කිරීමටද රජය තීරණය කර තිබේ.

රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ සියලු සුදුසුකම් තිබියදී සමෘද්ධිය නොලැබෙන බවටත් අවම සුදුසුකම්වත් සපුරා නැති අය සමෘද්ධි දීමනා ලබන බවටත් විවිධ පාර්ශවවලින් ලැබෙන පැමිණිලි දස දහස් ගණනක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසුවය.

දේශපාලන බලපෑම් මත දිගු කලක් තිස්සේ සමෘද්ධි දීමනා අහිමි කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල සාමාජිකයින් ලක්ෂ දෙකකට අධික පිරිසකගේ පැමිණිලි මේ වන විට අදාළ ස්ථානවලට යොමු වී තිබේ.

සමෘද්ධි විෂය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමත් සමඟම සමෘද්ධි හිමිකම් දීමේදී ඇති වු සියලු අසාධාරණකම් නිවැරදි කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති පී.හැරිසන් මහතාට උපදෙස් දී තිබේ.

සමෘද්ධි අරමුදල් පරිහරණය කිරීමේ දී සිදු ව තිබෙන මහා පරිමාණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා සමෘද්ධි විෂය අගමැති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ද අගමැතිවරයා දුන් උපදෙස් වල සඳහන් වේ.

අවම සුදුසුකම් නැතිව සමෘද්ධි දීමනා ලබන පවුල් පිළිබඳ ව මාස 4 ක කාලයක් ඇතුළත ප්‍රාදේශීය ලේකම් මට්ටමින් තොරතුරු ලබා ගැනීමෙන් පසු සුදුසුකම් හිමි අලුත් පවුල් සමෘද්ධි හිමිකම්ලාභීන් ලෙස පත් කර ගන්නා බව ඇමැති පී.හැරිසන් මහතා කීය.

අගමැතිට දොදුද?

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් Info Sri Lanka News සමඟ අදහස් දැක්වූ එජාප ක්‍රියාකාරිකයෙක් ප්‍රකාශ කලේ සමෘද්ධිලාභීන් තේරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දීමෙන් මෙතෙක් සිදුවූ අසාධාරණය වෙනසක් නොවන ඇති බවයි.

විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය සේවයේ නියතු බහුතරයක් රාජපක්ෂ පාලන සමයේ සේවයට බදවා ගත අය සහ සේවා උසස් වීම් දුන් අය බවත් පැවසු ක්‍රියාකාරිකයා ඔවුන් කිසිවිටක සාධාරණය ඉටු නොකරන බව ද පැවසිය.

එසේම පසුගිය සමයේ රජය මඟින් ක්‍රියාත්මක කල 'සුරක්ෂා' රක්ෂණ ක්‍රමය අසාර්ථක වියාපෘතියක් බව හුවා දැක්වීමේ කාර්යභාරය ද, පොහොර සහනාධාරය අසාර්ථක කිරීම ද සිදුවුයේ මෙම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හරහා බවට චෝදනා කල ක්‍රියාකාරිකයා එවන් පිරිසකට යලිත් සමෘද්ධිලාභීන් තේරීමේ බලය ලබා දෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කර සිටියේ ය.

එසේම මෙසේ ක්‍රියාකරන්නේ අගමැතිවරයාට දොදු නිසා ද නැත්නම් පක්ෂයේ ඉහල පෙලේ නිලධාරීන් දෙන ගොබ්බ උපදෙස් නිසාදැයි අදාල ක්‍රියාකාරිකයා තවදුරටත් විමසා සිටියේ ය.

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.