දෙරණ සිනමා සම්මාන උළලේ සම්මාන බෙදී ගිය හැටි [Photos]




2018 දෙරණ සිනමා සම්මාන රාත්‍රිය ඊයේ (26)නෙළුම් පොකුණ රඟහලේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

සම්මාන පිරිනැමීම සඳහා 2017 වසරේ දී විකාශය වූ චිත්‍රපට 23ක් පිළිබඳ සලකා බැලුණු අතර ජුරිය විසින් සම්මාන 20ක් සහ ජනප්‍රිය ගණයේ සම්මාන 07ක් එහිදී පිරිනැමුණි.

වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිවුයේ 28 සිනමාපටයටය.

එම චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි හොඳම අධ්‍යක්ෂණයට සහ හොදම තිර රචනයට හිමි සම්මාන ද්විත්වය හිමි ගත්තේය.

ජනකාන්ත චිත්‍රපටය ලෙස ධර්මය යුද්ධය චිත්‍රපටය නම් කළ අතර එහි රංගනය වෙනුවෙන් ජැක්සන් ඇන්තනී සහ දිල්හානි ඒකනායක හොඳම රංගන ශිල්පියා සහ ශිල්පිනියට හිමි සම්මාන දිනා ගනු ලැබිය.


හොඳම සහය නළුවා ලෙස කුමාර තිරිමාදුර තේරී පත්විය.

ජනප්‍රියම නැගී එන රංගන ශිල්පිනිය සහ හොඳම සහය නිළිය ලෙස සම්මාන දිනා ගත්තේ උමාලි තිලකරත්න ය.


ජනප්‍රියම හාස්‍ය  උත්පාදක රංගනය - ටෙනිසන් කුරේ


ජනප්‍රියම ප්‍රතිවීර චරිතය - ධර්මන් ධර්මරාජ්ටත්


ජනප්‍රිය චිත්‍රපට ගීතය - දේදුණු ආකාසේ චිත්‍රපටයේ මල්කළඹ ළඟ

ජනප්‍රියම රංගන ශිල්පියාට - හේමාල් රණසිංහ


ජනප්‍රියම රංගන ශිල්පිනිය - යුරේනි නොෂිකා


යාවජිව සම්මානය - මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා

හොඳම මතු ප්‍රාර්ථනා සපිරි අධ්‍යක්ෂවරයා - චින්තන ධර්මදාස


හොඳම මතු ප්‍රාර්ථනා චිත්‍රපටය - කෞශල්‍ය මාධව පතිරණගේ “ඉක්කා” චිත්‍රපටය


හොදම කෙටි චිත්‍රපටයට - තිසර මංගල බණ්ඩාර ගේ “ගණන් ගන්නැති කතාවක්”.

ජූරියේ විශේෂ ඇගයීම්- කලන ගුණසේකර, විශාකේෂ චන්ද්‍රසේකරන්, සචිත්‍ර විජේසේකර, ළහිරුකා ඒකනායක



[සේයාරූ අනුග්‍රහය : Cinema.lk]


Latest Video

Powered by Blogger.