Ad

ගෝඨාභය ජනපති කරන්න, බන්දුලගෙන් 'සැබෑ' පුවත්පත [Exclusive]



ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපති , ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ කතෘත්වයෙන් නවතම පුවත්පතක් එලි දැක්වීමට නියමිත බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඒ, 'සැබෑ' යන නමිනි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු වියත් මඟ සංවිධානය මඟින් මෙම පුවත්පත ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ සතිපතා පුවත්පතක් ලෙස මෙම පුවත්පත එළිදැක්වීමට නියමිතය.

රාවය පුවත්පතේ ආකෘතියට යමින්, වත්මන් ආණ්ඩුවේ දුෂණ වංචාවන් හෙළිදරව් කිරීම සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රති රූපය ඉහල නැංවීම මෙම පුවත්පතේ අරමුණ වී ඇති අතර ප්‍රවීණ මාධ්‍යවේදීන් දෙදෙනෙක් වන කුල ශ්‍රී කාරියවසම් මහතා සහ මහින්ද ඉලේපෙරුම මහතා මෙම පුවත්පතේ නියෝජ්‍ය කතෘවරුන් ලෙස කටයුතු කිරීමට ද නියමිතය.  

Powered by Blogger.