සමෘද්ධියට ඇමරිකාවේ උපරිම සහය.


ශ්‍රී ලංකාව ශක්තිමත් සහ සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීම තම රටෙහි ප්‍රතිපත්තිය බව නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයෝ අවධාරණය කරති.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව මෙන්ම ලෝක සාමය වෙනුවෙන් ද අතිශය වැදගත් බව සඳහන් කළ නියෝජිතයෝ, දෙරට අතර ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා සහයෝගීතාව වඩා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත හැකි නව පියවර පිළිබඳ සොයා බැලීම තම ශ‍්‍රී ලංකා සංචාරයේ අරමුණ බව සඳහන් කළහ.

එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ හමුදා සේවා කමිටුවේ සභාපති මැක් ක්ලෙනින් තෝන්බෙරි මහතාගේ නායකත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායම පසුගිය 29 හා 30 දිනයන්හි ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එන්රික් කුඑලර්, විකි හාර්ට්ස්ලර්, කැරොල් ෂී පෝටර් මහත්ම මහත්මීන් ද එම කණ්ඩායමට අයත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

සමෘද්ධි මුදල් බැංකුවල දමා පොළිය පෙන්වීෙමන් නැති බැරි අය නඟාසිටුවන්න බෑ

සමෘද්ධියේ මුදල් වාණිජ බැංකුවල දමා පොලී ආදායම පෙන්වීමෙන් නැති බැරි අය නඟාසිටුවීමට නොහැකි බවත් දරිද්‍රතාව නැති කර ගැනීමේ ඉලක්කය 2030 වන විට සපුරා ගැනීම සඳහා එම මුදල් නැති බැරි අය වෙනුවෙන් යෙදවිය යුතු බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. උතුරු නැඟෙනහිර ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය කපා හැර ඒ අය සඳහා සමෘද්ධි බැංකු හරහා සහන සැපයීමේ ක්‍රමවේදයක් සැකසීමට රජය කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කෙළේ ය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (31) පැවැති 'සමෘද්ධි බැංකු හරසර ප්‍රණාම' උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින් සමරවීර මහතා එම අදහස් පළ කෙළේය.

සමෘද්ධි බැංකු විනිවිද භාවයෙන් ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීමේ නියාමන ක්‍රමවේදයක් සැකසීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම සඳහන් කෙළේ ය.

දරිද්‍රතාවයෙන් වැඩි මොණරාගල, මුලතිව්, බදුල්ල, ත්‍රිකුණාමලය ඇතුළු උතුරු නැඟෙනහිර හා උතුරු මැද ජනතාව නඟා සිටුවීම සඳහා සමෘද්ධි බැංකු හරහා රජයවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීමට තීරණය කර ඇත.

වතු හා උතුරු නැඟෙනහිර ඇති දරිද්‍රතාවයේ කැපී පෙනෙන ලක්ෂණ හඳුනා ගෙන සමෘද්ධි බැංකු එම ප්‍රදේශවල ස්ථාපිත කර ක්‍රියාත්මක වීම කඩිනම් කළ යුතු බවද කීය.

මේ අනුව දුප්පත් කම තුරන් කිරීමේ වැඩපිළිවෙළ පාට පක්ෂ ඉවත ලා සාර්ථකව සිදු කර සියලු ජනතාව නඟා සිටුවන කාර්යය සිදු කළ හැක. ඒ අනුව තිරසර සංවර්ධනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර දරිද්‍රතාවය තුරන් කිරීමේ වැඩපිළිවෙල වර්ෂ 2030 වන විට සාර්ථක කර ගැනීමට රජයට හැකි බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කෙළේ ය.

Latest Video

Powered by Blogger.