Ad

රනිල් වෙනුවට මහින්ද පිළිතුරු දෙයි : කොළඹින් යන කොටත් ජනපති මමයි.



2015 ජනවාරි 8 පැවැති ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමට පෙරාතුව තමන් කොළඹින් පිටත් වූ බවත් ඒ වන විටත් තමන් රටේ ජනාධිපති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

හිටපු ජනපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසේදී පැවැති වැඩසටහනකින් අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“මම දන්න තරමට මම රටේ ජනාධිපති වෙලා ඉද්දී තමයි මම ගියේ. මම කොළඹින් ගියේ ප්‍රතිඵල නිකුත් වෙන්න ඉස්සර වෙලා. මගේ ආරක්ෂක අංශ ප්‍රධානියා පොලොන්නරුවේ එක්කෙනෙක්. වික්‍රමසිංහ මහත්තයා. එයා කෙලින්ම එතනට ගියා.”

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ අදහස් දැක්වීමවලට කුමනාකාරයකින්වත් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින්නැයි අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ විසින්  එක්සත් ජාතික පක්ෂ නායකයින්ට   නියෝගකර ඇති බව වාර්තා වෙයි. 

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.