කරන්න බැරිවුණ දෙයක් ගැන ගෝඨා දුක්වෙයි.



ඉකුත් රජය සමයේ මුස්ලිම් ජනතාව සමග පැවැති ඇතැම් විරසකයන් සමනය කිරීමට තමන් ඇතුලූ රජයේ බලධාරීන්ට වැඩි යමක් කළ හැකිව තිබූ බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ පැවැති මුස්ලිම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවයට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එබව සඳහන් කළේය.

ඔහු එහිදී කියා සිටියේ ඉකුත් රජයේ අවසන් වසර කිහිපයේදී මුස්ලිම් ජනතාව රජය සමග බිඳවැට්ටවීමට විවිධ උත්සහ දැරූ බවයි.

ඊට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විවිධ උත්සහයන් සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

ඒ හරහා රාජපක්ෂ පරිපාලනය කෙරෙහි මුස්ලිම් ජනතාවගේ වෛරයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ වූ බවත් උද්ගතවූ තත්ත්වය සම්බන්ධයෙන් මීටවඩා යමක් කළ හැකිව තිබුණේ යැයි පිළිගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

Latest Video

Powered by Blogger.