එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු 6 ක් ඇමතිවරු වෙති : බුද්ධිකටත් ඇමතිකමක් ඇතුලත්.



එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හය දෙනෙක් අද (12) රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  මීට සුළු මොහොතකට පෙර දිවුම් දුන්හ. 

දිව්රුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු මෙසේය.

රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස  සංචාරක සංවර්ධන - රංජිත් අලුවිහාරේ, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් - ලකී ජයවර්ධන, රාජ්‍ය පරිපාලන නිතීය හා සාමය - නලින් බණ්ඩාර කෘෂිකර්ම- අන්ගජන් රාමනාදන් යන අමාත්‍යවරුද,  

නියෝජ්‍ය ඇමැතිවරු ලෙස පරිසර - අජිත් මානප්පෙරුම, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන එඩ්වඩ් ගුණසේකර

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ වන විට විදේශ සංචාරයක නිරත වන බැවින් ඔහු දිවයිනට පැමිණි පසු එම තනතුරේ දිවුරුම් දීමට නියමිතය‍.

Info Sri Lanka TV

Powered by Blogger.