සඳරුවන් අත්අඩංගුවට ගන්න කිව්ව කතාව අසත්‍ය බව ජනපති මාධ්‍ය අංශය කියයි.




එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ-නිවුස් වෙබ් අඩවියේ කතෘ ප්‍රදීප් සඳරුවන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස හෝ ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතාගෙන් ඉල්ලා ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර පැවැති හමුවේදී එවැනි කිසිම ඉල්ලීමක් කර නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Info Sri Lanka TV

Powered by Blogger.