සුපිරි ඉන්ධන ළඟදීම අඩුමිලට.



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැනට අලෙවි කරන ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ 04 ප්‍රමිතියේ ඉන්ධන ලබන ජූලි මස සිට මෙරටට ආනයනය කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.

යුරෝ 04 ප්‍රමිතියේ ඉන්ධන පරිසරයට වඩා හිතකාමී බවත් එම නිසා ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් එම ප්‍රමිතියෙන් යුක්තව මෙරටට ආනයනය කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.

දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ යුරෝ 03 ප්‍රමිතියේ ඉන්ධන බවද ලේකම්වරයා කියා සිටියේය.

යුරෝ 04 ප්‍රමිතියේ ඉන්ධන යුරෝ 03 ප්‍රමිතියේ ඉන්ධනයන්ට වඩා මිල අධික වුවත් තෙල් සංස්ථාව එම පාඩුව විඳගනිමින් දැනට පවතින මිලටම අලුතෙන් ආනයනය කිරීමට නියමිත ඉන්ධන අලෙවි කිරීමට කටයුතු කරන බවද උපාලි මාරසිංහ මහතා කියා සිටී.

Latest Video

Powered by Blogger.