අපේක්ෂකයින් හතර දෙනෙකු ගැන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡා.



2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයින් හතර දෙනෙකු පිළිබඳව මේ වනවිට සාකච්ඡා සිදු කෙරෙමින් පවතින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. 

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහින්ද රාජපක්ෂට හිතවත් කණ්ඩායම, බැසිල් රාජපක්ෂට හිතවත් කණ්ඩායම සහ ගෝටාබය රාජපක්ෂට හිතවත් කණ්ඩායම වශයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ දැඩි කල්ලිවාදයක් හා බල අරගලයක් පවතින බව අපි මීට පෙර වාර්තා කළෙමු. මෙම බල අරගලය මෑතදී ඉහළින්ම පෙන්නුම් කෙරුණු අවස්ථාවක් වූයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්ද විමසීමේ අවස්ථාවයි.

එසේ පවතිද්දී ජනාධිපතිවරණ අපේක්ෂකයින් හතර දෙනෙකු පිළිබඳ සාකච්ඡාවක් කරළියට ඒමෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ පවතින බල අරගලය තවත් උත්සන්න වනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

Info Sri Lanka TV

Powered by Blogger.