සන්ධ්‍යාට තග දැම්මාට : ඥාණසාර හිමි, මාස 6ක් ඇතුළේ.



බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත්  උදේශ් රණතුංග එය මාස හයක කාලයකදී ගෙවී යන  පරිදි ක්‍රියාත්මක කිරීමට නියමකර ඇත.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය අද (14) නිකුත් කොට ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කිරීම සම්බන්ධ නඩුවේ ඥාණසාර හිමියන් වරදකරු වීමට අදාළ දඬුවම ප්‍රකාශයට පත්කරමින් ය.

එහිදී මාස හයේ සිරදඬුවමට අමතරව රුපියල් 3000 ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා  සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමටද  නියම කර ඇත.

Info Sri Lanka TV

Powered by Blogger.