යශෝධ රංගෙබණ්ඩාර ඇප මත නිදහස්.




රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතාගේ 25 හැවිරිදි පුත් යශෝධ රංගෙබණ්ඩාර රුපියල් 50000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(14) නියෝග කර තිබේ.

නඩු කටයුතු අවසන් වන තෙක් යශෝධ රංගෙබණ්ඩාරගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

හලාවත- පුත්තලම මාර්ගයේ බංගලාදෙණිය, කොට්ටපිටිය මන්සන්ධියේදී පසුගිය 06වනදා අළුයම යශෝධ රංගෙ බණ්ඩාර පැදවූ කැබ් රථයක් මාර්ගය අසල නිවසකට කඩා වැද තිබිණි.

කැබ් රථය වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වූවක් වන අතර එයට හා අදාල නිවසට බරපතල හානි සිදුවිය. අනතුරින් පසු ඇමති පුත් යශෝධ රංගෙ බණ්ඩාර ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එහිදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු අද හලාවත දිසා විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

Latest Video

Powered by Blogger.