පළාත් සභා මැතිවරණය දෙසැම්බරයේ : SLFP අපේක්ෂකයන් නෑ?



ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණයයක් ලබාගත නොහැකි බවත්, මේ නිසා එක්සත් ජාතික පක්ෂ විරෝධී කණ්ඩායම එකතු කර පුළුල් පෙරමුණක් යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

මේ අතර පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

Powered by Blogger.