ක්‍රිකට් පජාත වෙනකන් අපිව මතක්වුණේ නෑ - මුරලිගෙන් දොස් මුරයක්!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත ඊයේ (14) යොමු කළ ලිපියට ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතිචාර දක්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් වන රොෂාන් මහානම, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එක්කරගන්නා ලෙසත් දඟපන්දු අංශයේ උපදේශකයෙකු ලෙස මුත්තයියා මුරලිදරන් යොදාගන්නා ලෙසත් එහි ප්‍රධාන විධායක නිලධාරී - ඈෂ්ලි ද සිල්වා මහතා ගේ අත්සනින් යුත් ලිපියේ සඳහන් කර තිබුණි.

මෙම පියවර ‘ව්‍යාජ හා කපටි ක්‍රියාවක්’ ලෙස තමා දකින බවත්, ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලයට යනතෙක් ජාතික ක්‍රීඩකයන් ගේ අදහස් ලබානොගැනීම පිළිබඳව දුක් වන බවත් මුරලිදරන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

ඔහු පළකළ තිබූ අදහස් සැකෙවින් මෙසේය :

මා හට සිදුකරනු ලැබූ මෙම ආරාධනය මුලින් අගය කර සිටිමි. මේ පිළිබඳව මුලින් මාධ්‍ය ඔස්සේ දැනගැනීමට ලැබුණු මා හට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන නිලධාරියා විසින් දුරකතනය ඔස්සේ සනාථ කර සිටියේය. ඉන්පසුව එය සනාථ කරමින් විද්‍යුත් තැපැල් පණිවිඩයක් ද ඔහු විසින් මා හට යොමු කර තිබුණි.

මට හැඟෙන අන්දමට මේක ව්‍යාජ හා කපටි ක්‍රියාවක්. ක්‍රිකට් පාලනාධිකාරය මෙතරම් නින්දිත ස්ථානයකට වැටී තිබියදී අප සැමව පාවිච්චි කිරීමට ගත් පියවරක්. පවතින ගැටළු විසඳාගැනීම සඳහා යෝජනා කළ කරුණු කිසිවිටක ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව සිය අත්දැකීම් සමග, මෙම පද්ධතිය විශ්වාසය නොකරන බවට මහේල විසින් සිදුකළ ප්‍රකාශයට මම ද එකඟ වෙමි.

ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලයට යනතෙක් ජාතික ක්‍රීඩකයන් ගේ අදහස් ලබානොගැනීම පිළිබඳව ද මම ඉතා කණගාටු වෙමි.

මේ වන විට මා, වෘත්තීය පුහුණු කිරීම් කටයුතු ලොවපුරා කරමින් සිටියත්, පාලනධිකාරිය අව්‍යාජ හා විශ්වසනීය යැයි හැඟී ගියේ නම් ඒ සඳහා මාගේ කාලය ලබාදීමට නොපැකිළව කටයුතු කරන්නෙමි.

- මුත්තයියා මුරලිදරන්-

[www.gossiplankapolitical.com]

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.