Sex Ed Ad

ජවිපෙ විස්ස කොටඋඩ?


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මැතිසබයේ 2/3 බහුතර ඡන්දයෙන් සම්මත කරගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

දැනටමත් මෙම සංශෝධනයට විරෝධය ප්‍රකාශ කර ඇති ඒකාබද්ධ විපක්ෂය සතුව මන්ත්‍රී ධුර 54ක් තිබේ. ඒ සමඟ රජයේ ඉවත් වූ මන්ත්‍රීන් 16 දෙනාගේ කණ්ඩායමද ඊට විරුද්ධ බව එහි ප්‍රකාශක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීය. ජාතික හෙළ උරුමය සතුව මන්ත්‍රීධුර 3ක් ඇත. ඔවුහු ද ඊට විරුද්ධ බව ප්‍රකාශ කළෝය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද මෙම සංශෝධනයට සිය විරෝධය පළකර ඇත. මනෝ ගනේෂන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීන් හා ඇමැතීන් 4 දෙනා ද ඊට එකඟ නැතැයි දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද දිගින් දිගටම විධායක ජනාධිපති ධුරය වෙනුවෙන් පෙනීසිටින පක්ෂයකි. 20 වැනි සංශෝධනය 2/3 බහුතරයකින් සම්මත කරන්නට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 150කගේවත් සහාය අවශ්‍ය වෙයි. ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් තවමත් මේ ගැන අවසන් තීන්දුව ප්‍රකාශ කර නැත. එහෙත් දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 80කට වැඩි ගණනක් නියෝජනය කරන පක්ෂ හා මන්ත්‍රීන් යෝජනාවට විරෝධය පළකිරීම නිසා එය සම්මත කරගත නොහැකි වෙතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

Latest Video

Powered by Blogger.