ශ්‍රීලනිපය - ඒකාබද්ධය එක්වීමක් නැහැ!



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්වීමක් පිළිබඳ මෙතෙක් කිසිදු සාකච්ඡාවක්කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

එවැනි යෝජනාවක් මෙතෙක් එම පාර්ශ්වයෙන් ලැබී නැතැයි ද ඒ මහතා කීය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සංවිධානයෙන් ඒ මහතාගේ මහනුවර පිහිටි නිවසේ පැවැති ඉෆ්තාර් උත්සවයක දී හෙතෙම මේ බැව් පැවැසීය.

ඉස්ලාමීය ආගමික නායකයන් දේශපාලනඥයන් ඇතළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

ඕනෑම අයකුට තමන් සමඟ සාකච්ඡා කළ හැකි යැයි ද එවැනි සාකච්ඡාවක් සඳහා ආරධනා ලැබුණහොත් කුමක්ද කතා කරන්නේ මොකක්ද වැඩපිළිවෙළ ආදිය දැන කතා කළ යුතු බවත් ඒ මහතා කීය. මෙහි දී වැඩි දුරටත් කතා කළ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය. මුස්ලිම් ජනතාව සමඟ සිංහල ජනයා එදා සිට සුහදව කටයුතු කළා. එහෙත් මෑතක අවස්ථාවාදී පිරිස් සිදු කළ ප්‍රශ්න නිසා දෙපාර්ශ්වය අතර යම් සිත් රිදීම් ඇති වුණා. බේරුවල, මහනුවර වැනි සිද්ධීන් මේ නිසා යළි ඇති නොවිය යුතුයි. ඒ සඳහා මෙවැනි සංහිඳියා වැඩසටහන් ඉතාම කාලෝචිතයි.

Info Sri Lanka TV

Powered by Blogger.