වැට් බදු වැඩි කිරීමට සිදුවේවි - අගමැති : වැට් බද්ද 2.5% කින් පහළට - මුදල් ඇමති.




මේ වන විට ලොව පුරාම විශාල අර්බුදයක් පවතින බවත් ඇතැම් විට වැට් බදු වැඩි කිරීමට සිදුවෙනු ඇති බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගලේවෙලදී පැවැති උත්සවයක් අමතමින් අග්‍රමාත්‍යවරයා මේ බවද ඔහු ප්‍රකාශ කළේය. අනිත් අයගේ පව් වත්මන් රජයටට ගෙවීමට සිදුව ඇති බවත් 2023 වන විට ණය ගෙවා අවසන් වීමට හැකි බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සඳහා කවුරුන් විසින් මුල්ගල තැබුවද වත්මන් රජය පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුල්ගල තබා රජය විසින් මුදල් ලබා දීමෙන් පසු එය ඉදිකිරීම් සිදුකර අවසන් කිරීමට හැකිවූ බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වසර 2020 දී වැට් බද්ද 2.5% කින් පහළට

කෙසේ නමුත් පසුගිය මැයි 25 වනදා දුප්පත්, පොහොසත් භේදයකින් ‍තොරව දැනට එකම අගයකින් සියලු දෙනාම ගෙවන වැට් බදු අනුපාතය තව වසර දෙකක දී සියයට 2.5කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් ලැබෙන බදු ව්‍යූහය වනුයේ සියයට 82ක් වක්‍ර බදු හා සියයට 18ක් ඍජු බදු වශයෙන් බව කී මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා වසර 2020 වනවිට මේ ප්‍රතිශත පිළිවෙලින් 60 – 40 අනුපාතයට ගැලැපීමට රජය පියවර ගන්නා බවද කීය.

එදිනෙදා තම ජීවිතය ගැට ගසා ගැනීමට වෙහෙසෙන අන්ත දුප්පත් පුද්ගලයාගේ සිට මහා ධන කුවේරයින් පවා එකම අනුපාතයකට වැට් බදු ගෙවීමට කටයුතු කරති. මෙය ඉතා අසාධාරණ බදු ක්‍රමයකි.

ඒ නිසා දුප්පතුන් හට සහන සැලැසීමට නම් වැට් වැනි වක්‍ර බදු ආදායම් වෙනුවට ඍජු බදු ආදායම් වැඩිකර ගත යුතුය. එම ඉලක්කය සපුරා ගැනීමට රජය නව දේශීය ආදායම් බදු පනත ඉකුත් අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාවට නැංවූ බවද ඇමැතිවරයා කීය.

එලෙස නව බදු පනත හරහා ඉදිරියේ රටේ බදු ගෙවිය හැකි ඇති හැකි අයගෙන් වැඩි වශයෙන් බදු අයකර ගනිමින් දුප්පතුන්ගෙන් අයකරන වැට් බදු වැනි බදුවල ප්‍රතිශත පහළ දමා ඔවුන්ට සහන සැලැසීමට රජය කටයුතු කරන බවද මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේ ය.

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.