පෞද්ගලික රෝහල් වැට් බදු ලබන සතියේ සිට ඉවත්වෙයි.



පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

යහපාලන ආණ්ඩුවේ ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ 2017 ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත වන්දි ප්‍රදානය කිරීම සඳහා අද (16) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක් වෙමිනි. 

Info Sri Lanka TV

Powered by Blogger.