ක්ලියෝපැට්රාහි මරණ ජිනාමැඩම් නිසා යටයයි.



මෙරටදී අභිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතික රගර් ක්‍රීඩකයන්ගේ මරණ සම්බන්ධ පරීක්ෂණ පොලිසිය විසින් මේවන විට යට ගසා ඇතැයි වාර්තා වේ.

ඔවුන් මියගියේ උග්‍ර විශ මත්ද්‍රව්‍යක් පාවිච්චි කිරීමෙන් බවට සැක මතුවුවද ඒවා ඔවුන් ලබාගත්තේ මෙරටදී ද නැතිනම් ඔවුන් ලංකාවට පැමිණෙද්දී ඒවා රැගෙනවිත් තිබුණේද යන්න පිළිබඳ මෙසෙක් කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට පොලිසිය අසමත්ව ඇති බව පැවසේ.

 එසේම මේ පරීක්ෂණ සම්බන්ධයෙන් මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හෝ එතරම් උනන්දුවක් දක්වා නොමැති බවද වාර්තා වේ.

ඔවුන් දෙදෙනා මියගොස් සිටියේ මෙරට ධනවතුන්ට හා දේශපාලකයන්ට හා රජයේ ප්‍රබලයන්ට දේශීය හා විදේශීය ගණිකාවන් සැපයීම සම්බන්ධයෙන් නම් දරා සිටින "ජිනා මැඩම්" නැමැත්තියගේ පුතාට අයත් බම්බලපිටියේ පිහිටි ක්ලියෝපැට්රා සමාජ ශාලාවට යාමෙන් පසුවය.

එම සමාජ ශාලාවට බ්‍රිතාන්‍ය රග්බි පිලේ ක්‍රීඩකයන් දසදෙනෙකු ගොස් ඇති බවද හෙළිවිය.

කොළඹ සී.ආර්.එෆ්.සී. රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා රගර් කණ්ඩායම් අතර සුහද තරග කිහිපයකට සහභාගිවීමට මෙම රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.

 තෝමස් ඇන්ඩෲ නෝවර්ඩ් හා වෙටී තෝමස් රීඩ්  නැමැති තරුණ රගර් ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙසේ මියගියේය. 

ඔවුන් අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මියගොස් තිබිණි.

මරණ පරීක්ෂණයේදී…

බ්‍රිතාන්‍ය රගර් කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනකු මරණ පරීක්‍ෂණයේදී සාක්කි දෙමින් ප්‍රකාශ කර සිටියේ තරගාවලියට සහභාගි වීමට පෙර මියගිය ක්‍රීඩකයන් දෙදෙනාට කිසිදු රෝගයක් නොතිබුණු බව සහ සී.ආර්.එෆ්.සී. රගර් කණ්ඩායම සමඟ පැවැති රගර් තරගය අතරතුරදී ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු නොවුණු බවයි.

සී.ආර්.එෆ්.සී. රගර් කණ්ඩායම සමඟ පැවැති තරගය තම කණ්ඩායම ලකුණු 1කින් ජයග්‍රහණය කළ බව ද එය සැමරීම සඳහා සී.ආර්.එෆ්.සී. ක්‍රීඩා සමාජය රාත්‍රි භෝජන සංග්‍රහයක් සහ මත්පැන් සාදයක් පිළියෙල කර තිබූ බව ද තම කණ්ඩායමේ සියලු සාමාජිකයන් එයට සහභාගි වී බියර් පානය කළ බව ද ඉන් පසු ජයග්‍රහණය සැමරීම සඳහා තම කණ්ඩායම නැවතී සිටි කොළඹ කිංග්ස්බරි හෝටලයට යෑමෙන් පසු කණ්ඩායමේ සියලුම දෙනා රාත්‍රියේ කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවට ගොස් බියර් පානය කරමින් විනෝද වූ බව ද එහිදී ඔවුන් හෙළිකළේය.

ක්ලියෝ පැට්රා සමාජ ශාලාවෙන් පිට වී මධ්‍යම රාත්‍රියේ නැවත කිංග්ස්්බරි හෝටලය වෙත පැමිණි බවද හෝටලයට පැමිණි පසු ක්‍රීඩකයන් දෙදෙනා අධික ලෙස බීමත්ව සිටින බව තම ක්‍රීඩකයන්ට හැඟී ගිය බව ද සාක්කි දෙමින් එම ක්‍රීඩකයන් අධිකරණය හමුවේ කියා සිටියේය. 

ඉරිදා දින උදේ ඔවුන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයේ කාමරවල සිටින බවට දැනගන්නට ලැබුණු බවද ඒ අනුව නැවතී සිටි කිංග්ස්බරි හෝටලයේ සේවකයන්ගේ ආධාර ඇතිව ඔවුන් දෙදෙනාව ගිලන් රථයක් ගෙන්වා මෙරට පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ද ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි. 

(SLM)

Latest Video

Powered by Blogger.