ඥානසාර හිමියෝ හිර කූඩුවේ සිට පොතක්‌ ලියති : වැලිකඩ ආරංචි මෙහෙමයි.



සිරගත වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් පොතක්‌ රචනා කිරීම අරඹා ඇතැයි වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

සිංහල බෞද්ධ රටේ භික්‌ෂුවට සහ බෞද්ධයාට අත්ව ඇති ඉරණම සහ රෝම ලන්දේසි නීතිය අප රටට ගැළපේදැයි තේමාවන් එම පොතට පාදක වී ඇති බව වාර්තා වේ.

එසේම ඥනසාර හිමියන් පොත් පත් කියවීම සිදු කරමින් ඇති බවත් රැඳවියන්ට භාවනා වැඩසටහන් හා ධර්ම දේශනා පවත්වමින් සිටින බවත් ආරංචි මාර්ග ඔස්‌සේ දැනගන්නට තිබේ.

ඥනසාර හිමියන් තවදුරටත් අමුත්තන් හමුවීම ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කිරීමට නියමිත බව අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ ඊයේ සඳහන් කළේය.

මෙම සිරගත කිරීම සම්බන්ධයෙන් සිය කාරක සංඝ සභාව රැස්‌වී තීරණයක්‌ ගන්නා බවත් උන්වහන්සේ කීහ.

මේ අතර ඥනසාර හිsමියන් බන්ධනාගාරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම පිළිබඳ මහානායක හිsමිවරුන් දැනුවත් කිරීමට බොදුබල සේනා සංවිධානයේ හා සිංහල රාවය සංවිධානයේ හිමිවරු ඊයේ (17දා) කටයුතු කළහ.

එහිදී උන්වහන්සේලා රාමඤ්ඤ මහානිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් සහ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදුටුහ.

එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක්‌ සිදු කිරීමට බොදුබල සේනා සහ සිංහල රාවය සංවිධානයන්හි හිමිවරු කටයුතු කළහ.

එසේම තම සංඝ සභාවේ අනුමැතියකින් තොරව ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම පිළිබඳ බලවත් අප්‍රසාදය පළකරන බව කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව අධිකරණ ඇමැතිවරයාට ලිපියක්‌ යොමු කරමින් දන්වා ඇත.

(දිවයින)

Info Sri Lanka TV

Powered by Blogger.