Ad

ඇලෝසියස්ගෙන් මුදල් ගත් දේශපාලන ප්‍රබලයෙක් සහ හිමිනමක් හෙළිවෙයි.


ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුවට අදාළව අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති දේශපාලනයට සම්බන්ධ ප්‍රබලයෙකු හා නිතර ඉංග්‍රීසි වචන භාවිතා කරන මාධ්‍ය සමඟ සමීප ඇසුරක් ඇති ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බව වාර්තා වෙයි. ඉදිරි දින 10ක කාලය තුළ ඔවුන් පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් කිරීම සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. 

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට දේශපාලකයන්ට පමණක් චෝදනා එල්ල වෙමින් පැවතියද එම ජාලය දේශපාලකයන්ගෙන් පමණක් නොව තවත් විවිධ පුද්ගලයන්ගෙන් සමන්විත ජාලයක් බව සඳහන්. කෙසේ වෙතත් ඔවුන් සියලු දෙනා පිළිබඳව තොරතුරු ඉදිරියේදී රටට අනාවරණය කිරීමට සූදානමක් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අවධාරණය කළේ.

මේ අතර බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කර ඇති බව ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් කරමින්  ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

Powered by Blogger.