මීළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවේ.



19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1(3) වගන්තිය මගින් ජනාධිපති ධුරකාලය වසර 05 ක් බව දැක්වෙන වගන්තිය නීතියක් බවට පත්වන්නේ 2015 අගෝස්තුවේ පැවති මහමැතිවරණයෙන් පසුව බැවින් මිළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවේදී පැවැත්වෙන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 05 ක්ද 06 ක්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කිරීමේදී අවුරුදු 05 කාලය අවසාන වන්නේ කවදාද යන්න පිළිබඳව මතයක් දක්වා නොමැතිවීම තුල වර්තමාන ජනාධිපතිවරයාගේ පස් අවුරුදු පාලනය අවසන් වන්නේ කවදාද යන කාරණය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් අතරද මේවනවිට දෙගිඩියාවක් හටගෙන ඇතැයි වාර්තාවේ.

මෙම තත්වය තුල මිළග ජනාධිපතිවරණයකට දෙනු ලබන අවධාරණය අවම කිරිමට මහින්ද-බැසිල් රාජපක්ෂ සහෝදර යුගලය තීරණය කොට ඇතැයි 'නිව්ස් ටියුබ්' වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව පොහොට්ටුවේ මිළග ජනාධිපති අපේක්ෂකයා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වන බවට ප්‍රචාරයක් සමාජය තුළ සිදුකිරිමටත් එමගින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරිම පිළිබඳව දැනට සමාජය තුල ඇතිවි තිබෙන උත්කර්ෂය අවම කිරිමටත් දැනටමත් තීරණය කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ දැක්වේ.

මෙම තත්වය තුල හෙටට (ජුනි 20) දී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දින සැමරුම විශාල ඝෝෂාවක් ලෙස සිදු නොකර ආගමික වතාවත් වලට මුල් තැනක් දී ඉතා චාම් ලෙස සිදුකිරීමට රාජපක්ෂ සහෝදරයින් තීරණය කර තිබේ.

මුලු වැරයොදා 2020 ජනවාරියේ දි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලවා මහමැතිවරණය පවත්වා ගතයුතු බවත් ඡන්දයේ දි 2/3 බලය ගෙන ව්‍යවස්ථාව වෙනස් කොට මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ජනාධිපති ධුරයට අවස්වථා සලසා දිය යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී ඇතැයි පැවසේ.

Latest Video

Powered by Blogger.