එජාපය කළ වැඩ කියන්න “ඇත්ත කියමු”



පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ සිට මේ දක්වා එක්සත් ජාතික පක්ෂය කළ  වැඩ කොටස සම්බන්ධයෙන් ජනතාවට කරුණු කීම සඳහා “ඇත්ත කියමු” නමින් ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. 

එක්සත් ජාතික පක්ෂය එදා සිට අද දක්වා කළ කී දෑ බොහෝ දෙනෙකුට අද අමතකව ඇති බැවින් මෙම වැඩසටහන ආරම්භ කිරීමේ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නිල ප්‍රචාරක ‍ලේකම් ඇමැති හරින් ප්‍රනාන්දුට පවරා ඇත.

ලබන 04 වනදා සිරිකොත පක්ෂ මුලස්ථානයෙන් ආරම්භ කරන මෙම වැඩපිළිවෙළ රට පුරා ගමින් ගමට ගෙන යන බවද හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රටේ වත්මන් තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ කටයුතු හා ජනතා සංවර්ධනය පිළිබඳවම ජනතාවට කරුණු දැක්වීමට ද පක්ෂය තීරණය කර ඇත.

 [ලසන්ත වීරකුලසූරිය]

Info Sri Lanka TV

Powered by Blogger.