Ad

පෞද්ගලික රෝහල් VAT බද්ද ඉවතට.



පෞද්ගලික අංශයේ රෝහල්වලින් සේවා ලබා ගැනීමේදී රෝගීන්ගෙන් අයකරන කාමර ගාස්තුවට අදාළ වැට් බද්ද හැර සැත්කම් ගාස්තු ඇතුළු අන් සියලුම සෞඛ්‍ය සේවා සඳහා වූ වැට් බදු ලබන මස 01 වැනිදා සිට අත්හිටුවීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපති - අගමැති දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 19 උදේ පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී මේ තීරණය ගත්බවද මංගල සමරවීර මහතා කීය.

වසර 2016 ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ සියයට 15ක වැට් බදු සෞඛ්‍ය සේවාවලින්ද අය කිරීමට රජය ක්‍රියා කළ බව සිහිපත් කළ මංගල සමරවීර මහතා එම බද්දෙන් පළමුව බාහිර රෝගී සේවාවලින් අය කළ වැට් බද්ද ඉවත් කළ බවද කියා සිටියේය.

මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීමට වගකීමෙන් හා සංවේදී අයුරින් කටයුතු කරන රජය, ලබන ජූලි 01 වැනිදා සිට වෛද්‍යවරුන්ගේ උපදේශක සේවා ගාස්තුවලින් , චැනල් සේවා ගාස්තුවලින්, වෛද්‍ය වෘත්තික සේවාවලින් අයකරන සියයට 15 වැට් බද්ද අත්හිටුවන බවද මංගල සමරවීර මහතා පැවැසීය. කොළඹ, මුදල් අමාත්‍යාංශයේ ඊයේ (19) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

Powered by Blogger.