ඇල්බට් අයින්ස්ටයින් ලංකාවට පැමිණි බවට ඔහුගේ දිනපොතකින් හෙළිවේ!



සම්මානනීය භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ලංකාවේ සංචාරයකට පැමිනි බවට හෙලිදරව් වන අයිනස්ටයින්ගේ දිනපොතක් පසුගියදා ප‍්‍රසිද්ධියට පත් කෙරුණා.

‘ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත්’ (The Travel Diaries of Albert Einstein) යන කෘතිය පසුගියදා ප‍්‍රකාශයට පත් කෙරුණේ ඒක්සත් ජනපදයේ ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ, තාක්ෂණය පිළිබද කැලිෆෝනියා අධ්‍යයනායතනයේ අයින්ස්ටයින් පත‍්‍රිකා ව්‍යාපෘතියඬ යටතේය. සීව් රොසෙන්ක‍්‍රාන්ස් විසින් සංස්කරණය කළ මෙම සුව්ශේෂී කෘතියේ දින පොත් සටහන් අතර අයිනිස්ටයින් නමැති ඒම ශ්‍රේෂ්ඨ විද්වතා 1922 ඔක්තෝබර් මස ලංකාවට පැමිණි අවස්ථාවේ තැබූ සටහනක් අඩංගුය. ඒකී දිනපොත් සටහනේ සිංහල පරිවර්තනයක් පහතින්,

“ඔක්තෝබර් 28 වැනිදා

ඊයේ සන්ධ්‍යාවේදී අපි කොළඹ වෙත ළගා වුණා. වෙරලාසන්නයට යන්නට පෙර ඝර්ම කලාපිය කුණාටුවකට හසු වුණ නිසා අපට නැව නවත්වන්නට සිදු විය. අහස පැහැපත් තත්වයට පත් වූයේ 9.00ට පමණය. අප සිටියේ වරාය ආසන්නයේ බව දක්නට ලැබිණි. නියමුවෙක් හබල් ගසන බෝට්ටුවකින් ආසන්නයට පැමිනි අතර අපගේ නැව ඉක්මනින්ම තවත් ජපන් වාෂ්ප නැවක් ආසන්නයේ නැංගුරම් ලන ලදී. අප පළමුවතාවට මෙහිදී වැඩිමහලූ ඉන්දියානුවකු දැක ගත්තෙමු. අලූපාට යටි රැවුල සහ කැපී පෙනෙන මුහුණක් සහිත ඔහු අප වෙත විදුලි පුවත් දෙකක් භාර දී සංතෝසමක් ඉල්ලා සිටියේය. අප තවත් ඉන්දියානුවන් දැක ගත්තෙමු. දුමුරු පැහැයේ සිට අදුරු පැහැ සම ඇති සිරුරු සහිත ඔවුන් යටහත්පහත් බවක් පෙන්වූහ. පෙනෙන්නට තිබුණු ආකාරයට ඔවුන් යාචකයන් බවට පත් වුණු ප‍්‍රභූන්ය. කිව නොහැකි තරම් අභිමානයක් සමග ඒක් වූ පහත්භාවයට පත්වීමක් දක්නට ලැබිණි. අද උදෑසන 7.00ට අපි ඩු ප්ලැට‍්‍රසේ සමග ගොඩබිම කරා ගියෙමු. හින්දු දේවස්ථානයක් සහ බෆෟද්ධ විහාරයක් අපට පෙන්වන ලදී. අපව නගරයේ ගෙන යනු ලැබුවේ හර්කියුලිස් සිහිගන්වන සවිමත් පුද්ගලයන් විසින් (රික්ෂෝ) කරත්තවලින් ඇදගෙන යාමෙනි. ඒවැනි පිළිකුල් සහගත ආකාරයට මිනිසුන්ට සළකන තත්වයකින් ගමන් කරන්නට මා බොහෝ අකමැති වුවත් ඒ කිසිවක් මට වෙනස් කරන්නට නොහැකි විය. රජ පෙනුමකින් ඔ්නෑම විදේශිකයකු වෙත ඒන මේ යාචකයන් යටත්වන තුරුම ගමනක ගෙනයන්නට ආයාචනා කරයි. කෙනෙකුගේ හදවත සසල වනතුරුම යටහත් පහත්ව ආයාචනා කරන්නට ඔවුනු දනී. ස්වදේශිකයන්ගේ කොටසේදී ඔවුන් ගෙවාලන ප‍්‍රාථමික ජීවන විලාසය අපට දක්නට ලැබිණි. ඔවුන්ගේ යහපත්බව සලකන විට ඔවුන් අගවන්නේ ජීවත්වන මොහොතට පැය කාලක් ඉදිරියට හෝ පසුපසට කල්පනා කරන්නට ඔවුන් සූදානම් නැත. ඔවුන් ජිවත් වන්නේ මහා කසළ ගොඩක් සහ දුගදක් සහිත පරිසරයකය. ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය අල්පය, අවශ්‍යතාද අල්පය. ජිවිතය සරල ආර්ථික චක‍්‍රයකි. පුද්ගලයකුගේ පැවැත්මක් සදහා කිසිදු ඉඩක් ඒහි නැත. අඩ නිරුවත් ආකාරයෙන් කල් ගෙවන ඔවුහු සිය අපූරු සහ සවිමත් සිරුරු සහ ඉවසිලිවත් මුහුණු අපට පෙන්වති.”

ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයක් වූ අයින්ස්ටයින් විසින් අනාවරනය කළ විද්‍යාත්මක අදහස් අතර ‘සාපේක්ෂතාවාදය’ හා ‘ස්කන්ධ – ශක්ති තුල්‍යතාව’ ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප‍්‍රසිද්ධ ‍වී ඇත. සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා ඔහු ඉටුකල සේවය විශේෂයෙන්ම ‘ප‍්‍රකාශ විද්‍යුත් ආචරණ නියම’ ඉදිරිපත්කිරීම නිසා 1921 දී ඔහු භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය. නොබෙල් ත්‍යාගය ලද පසුව ඔහුගේ දීර්ග සංචාරය 1922*23 වසරවලදී පෙරදිග, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ලංකාව, මැදපෙරදිග පලස්තීනය සහ ස්පාඤ්ඤය දක්වා විහිදුණු බව දිනපොත් සටහන් අනාවරණය කරයි. මෙම ගමනේදී අයිනිස්ටයින්ගේ ඒවකට බිරිය වූ ඒල්සා අයින්ස්ටයින්ද ඔහු සමග පැමින තිබේ.

Latest Video

Powered by Blogger.