ඒකාබද්ධය දෙදරයි : මිලිටරි ජුන්ටාවලින් රටවල් දියුණුවී නැති බවට වෙල්ගමගෙන් ප්‍රකාශයක්!




මිලිටරි ආණ්ඩුවක් පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් දිවි පරදුවට තමා සටන් කරන බව මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මිලිටරි පාලකයෙකු වී හෝ  රට පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ පසුගියා දා ප්‍රකාශ කළහ.

වෙඩරුවේ උපාලි හිමියන්ගේ මෙම ප්‍රකාශයට විරෝධය දක්වන කුමාර වෙල්ගම මහතා සඳහන් කරන්නේ තම අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවත් මිලිටරි පාලනයක් රට තුළ ස්ථාපිත වෙන්නේනම් ඉට එරෙහිව, පක්ෂයෙන් වුවද ඉවත් වී දිවි හිමියෙන් සටන් කරන බවයි. එමෙන්ම ලෝකයේ ඒකාධිපතියන්, මිලිටරි නායකයන් පාලනය කළ රටවල් දියුණුවට පත්ව නැති බවත් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස කටයුතු කළ රටත් තම පැතුම බවත් කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Info Sri Lanka TV

Powered by Blogger.