Ad

'සැකරුවන් ඝාතනය යහපාලනයද?' - මංගල ප්‍රශ්න කරයි.



මාතර ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියේ දී කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් මිය යෑම එම සිදුවීමට සම්බන්ධ සැකකරු ඝාතනය කිරීමෙන් සාධාරණීකරණය කළ නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් නිකුත් කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.


මාතරදී සිදුවූ මෙම ගැටුමේදී පොලිස් කොස්තාපල්වරයා මියගිය අතර ප්‍රධාන සැකකරු වන චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා ඊයේ (23) දිනයේදී පොලීසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ පොලීසිය කළ වෙඩි තැබීමකින් ඝාතනය වූ බව පොලිසිය පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ අපරාධකරුවන් සමග කටයුතු කිරීමේදී නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් වර්තමානයේදී පවතින්නේ යහපාලනය මිසක් යමපාලනයක් නොවන බවයි.

Powered by Blogger.