Ad

මාස 4ක් තුළ මුළු රටටම ඊ හෙල්ත් කාඩ්පත්.



ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමේ යෝජනාවලියට අනුව ව්‍යාපෘතිය ආරම්භක දින සිට මාස 04 ක් තුල රටේ සියලුම ජනතාවගේ සෞඛ්‍ය තොරතුරු ඇතුලත් ඊ-හෙල්ත් කාඩිපත නිකුත් කිරීමට සුදානම් බව සුව ඇමැති පවසයි.

බොරැල්ල කාසල්විදිය කාන්තා රෝහලේ රෝහල් තොරතුරු කළමණාකරණ පද්ධතිය විවෘත කිරීම, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඒම රෝහලේ දී සිදු කෙරිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ඊ-හෙල්ත් ව්‍යාපෘතිය අපට දියත් කිරීමට සිදු වූයේ රෝහල්වල පවතින ඖෂධ හිගය හේතුවෙන්. දිනකට ඖෂධ වර්ග 44-79 අතර පුමාණයක් හිග වුනා.

එම නිසා අපි මෘදුකාංගයක් හදුන්වා දුන්නා. එම මෘදුකාංගය භාවිත කරමින් ඕනෑම රෝහලකින් ඖෂධ ගෙන්වා ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරයාට හැකියාව තිබෙනවා.

මෙම ක්‍රමය පර්යන්ත රෝහල් දක්වා ක්‍රියාත්මක කළ යුතුයි. තව ද ඖෂධ හිගයක් ඇතිවුවහොත් එහි වගකීම රෝහල් අධ්‍යක්ෂවරයා බාරගත යුතුයි. වර්තමානයේ කිසිදු ඖෂධ හිගයක් නැහැ:

ජනතාවගේ සෞඛ්‍ය තොරතුරු පරිගණක ගත කෙරේ !

 ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සියලුම ජනතාවගේ තොරතුරු පරිගණක ගත කර තිබෙනවා. එම පරිගණක ගත කිරීම සිදු කළ සමාගම විසින් ශ්‍රී ලංකාවේ මිලියන 21 ක් වන ජනතාවට ඊ-හෙල්ත් කාඩිපත හදුන්වාදීමට යෝජනා කර තිබෙනවා.

එම යෝජනාවලියට අනුව ව්‍යාපෘතිය ආරම්භ කළ දින සිට මාස 04 ක් තුල අප රටේ සියලුම ජනතාවගේ සෞඛ්‍ය තොරතුරු ඇතුලත් ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමට සුදානම්. එමගින් වෛද්‍ය ප්‍රතිකාර කිරිමට විශාල පහසුවක් ලැබෙනවා.”

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සරත් අමුණුගම, එස්. සීදරන්, කුමාර වික්‍රමසිංහ සහ රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, පොදුරාජ්‍ය මණ්ඩලීය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Powered by Blogger.