රාජිත දේශපාලනයෙන් සමුගත් පසු බෞද්ධ දර්ශනය හැදෑරීමට?



සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න සිය දේශපාලන දිවිය අවසන් වූ පසු බෞද්ධ දර්ශනය හැදෑරීමට යයි.

"බුදු රජාණන් වහන්සේද දේශනා කළේ ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරන්න කියා. ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකළ යුතුයි. අපේ නිර්මල බුදු දහම ආරක්ෂා වන්නේ සංඝ පරම්පරාව නිසයි. මම බුදු දහම ඉගෙන ගත්තේ කොටගම වාචිස්සර හිමියන්ගෙන්. උන් වහන්සේ නිවැරැදි බෞද්ධ දර්ශනය ඉගැන්නුවා. මගේ දේශපාලන දිවිය අවසන් වූ පසු බෞද්ධ දර්ශනය හදාරනවා. මෙය ශේ‍ර්ෂ්ඨ දර්ශනයක්" යැයිද ඇමැතිවරයා පවසයි.

ඇමැතිවයා එසේ පැවැසුවේ අත්තනගල්ල අරහත්ත රජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් වතුපිටිවල මූලික රෝහලට පරිත්‍යාග කිරීම නිමිත්තෙන් ඉකුත්දා පැවැති උත්සවයේදීය.

Info Sri Lanka TV

Powered by Blogger.