බැසිල්ගේ හිත ගන්න : විමල්ගෙන් අලුත් මෙහෙයුමක්!



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ  ඇතුළු පක්ෂ නියෝජිතයන් අතර  විශේෂ සාකච්ඡාවක් ඊයේ (26)  සවස ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.

වාර්තා වන ආකාරයට   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධය විපක්ෂය 2020 ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට තමන් සහය ලබාදෙන බව එහිදී ශ්‍රීලනිප 16 කණ්ඩායම සඳහන් කර ඇති අතර මේ වන විට බැසිල් පාර්ශවයෙන් තමන්ට එල්ලවී ඇති විරෝධය සමනය කරගැනීම කඩිනමින් සිදුවිය යුතු බවද ඔවුන් අවධාරණය කර ඇත.

එහිදී ජනිපෙ පාර්ශවය සඳහන් කර ඇත්තේ තමන්ටද ප්‍රශ්න ඇතත් මේ මොහොතේ දේශපාලන ඉවසීමකින් කටයුතු කලයුතු බවත් ඒ හරහා පවතින ප්‍රතිවිරෝධතා සමනය කර ගන්නට අවස්ථාව ඇති බවය.

එසේම බැසිල් පාර්ශවය සිදුකරන ප්‍රකාශ වලට ප්‍රතිචාර නොදැක්වීම වැදගත් බවද ජනිපෙ පාර්ශවය විසින් ශ්‍රීලනිප 16 කණ්ඩායම දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.

එමෙන්ම දිනේෂ්, වාසු, ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී 16 කණ්ඩායමට ප්‍රශ්නයක් නොවීමට තමන් උත්සාහ කරන බවද ජනිපෙ පාර්ශවය විසින් ශ්‍රීලනිප 16 ට පොරොන්දුවී ඇති බවද වාර්තා වෙයි.

ඩිලාන් "මෛත්‍රී භාවනාවේ"
dilan
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට දෙපාර්ශවයේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා "සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා" කියමින් පිළිතුරු දී ඇත්තේද ඒ අනුවය. දිගින් දිගටම ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වෙත මාධ්‍යවේදීන් ප්‍රශ්න යොමු කළත් එම ප්‍රශ්න වලට දිගටම ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයා පිළිතුරු දී ඇත්තේ " සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා" කියමින්ය.

2020 ට මෛත්‍රී හොඳ බව මම කියලා නෑ - අනුර යාපා 
Anura yapa 1000px 04 04 2018
මෙහිදී 2020 සඳහා හොඳම අපේක්ෂකයා මෛත්‍රී ජනාධිපති බව පළමුව සඳහන් කර මේ වන විට එම ස්ථාවරය වෙනස් කරමින් මහින්ද රාජපක්ෂ කියන ඕනෑම අයෙකුට සහය දීමට සූදානම් වීමට හේතුව මාධ්‍යවේදීන්  විමසු අතර ඊට පිළිතුරු දෙමින් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ තමන් කිසිඳු දවසක මෛත්‍රී ජනාධිපති 2020 හොඳම අපේක්ෂකයා බව පවසා නොමැති බවය.

කෙසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඇති අයිතිය හා මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායකයා ලෙස කටයුතු කිරීමට ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කල බවය. 

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රෙමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, අනුරාධ ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල යන අය සහභාගීව ඇත.

Latest Video

Powered by Blogger.