ගයිරික - රාජපුර ළඟට : රිවිර යළිත් ඇරඹෙන ලකුණු!



රිවිර මීඩියා කෝපරේෂන් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී ගයිරික පේරුසිංහ මහතා රාජපුර ප්‍රකාශන ආයතනයේ  ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එක්ව ඇතැයි වාර්තා වේ.

දේශීය වෛද්‍ය සුමිත් රාජපුර මහතාට අයත් රාජපුර ප්‍රකාශන ආයතනය මගින් පුවත් පත් 09 ක් ප්‍රකාශයට පත්කරනු ලබයි.

ඒ අතරින් චලන, හඳයා හා මැහුම් තක්සලාව යන පුවත් පත් ජනප්‍රිය ඒවාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිට්ටු මිතුරකු වන රාජපුර මහතා දැනට මුද්‍රණය අත්හිටුවා ඇති රිවිර පුවත්පත නැවත ප්‍රකාශනය ආරම්භ කිරීමට සැලැසුම් කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අප රාජපුර ප්‍රකාශන ආයතනයට දුරකථනයෙන් ඇමතූ අතර පේරුසිංහ මහතා එහි සිටින බව දැන්නුවද ඔහු එම අංකය හරහා සම්බන්ධ කළ නොහැකි බව කියා සිටියේය.

ගයිරික මහතා රාජපුර ප්‍රකාශන සඳහා එක්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකරණය භාරව සිටියේය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී එජාපයේ පසු බැසීමත්, ඒ මහතා හා හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා එක්ව මැතිවරණ සමීක්ෂණයක් කිරීමට බාරදුන් පෙපර් කියුබ් (Pepper Cube) නම් ආයතනයේ සමීක්ෂණ වාර්තා ඡන්ද ප්‍රතිඵල අනුව දෝෂ දර්ශනයට ලක්වීමත් හේතුවෙන් පේරුසිංහ මහතාට එජාපයෙන් දොස් නැගුණ බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, රිවිර පුවත්පත අලෙවියෙන් ඉහලම ස්ථානයේ පැවැතියේ ගයිරික මහතා එහි ප්‍රධාන විධායක නිලධාරියාව සිටි සමයේ බව පැවසේ.

Info Sri Lanka TV

Powered by Blogger.