සිවාජිලිංගම්ට හෘදයාබාදයක් - යාපනය දැඩි සත්කාර ඒකකයට.



දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංංගම් මහතා ඊයේ (07දා) රාත්‍රියේ ඇති වූ හෘදයාබාදයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ රාත්‍රියේ සිවාජිලිංගම් මහතා නිවසේ සිටින අවස්ථාවේදී එක වරම හෘදයාබාදයක් ඇතිවී තිබෙන අතර එම අව්ස්ථාවේදීම ආරක්ෂකයින් හා පවුලේ ඥාතීන් එක්ව යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.

මන්ත්‍රීවරයාගේ තත්ත්වය අවධානම් නොවන බව යාපනය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය පැවැසීය.

Info Sri Lanka TV

Powered by Blogger.