'ලේක් හවුස් සභාපති, කුරේ ඉවත් කරන්නෙ නෑ' - මංගල



එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) වත්මන් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාට ලබන පළමු වැනිදා සිට සිය ධූරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවට පලවන වෙබ් වාර්තා අසත්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මේ සම්බන්ධව කළ විමසීමකදීය. ක්‍රිෂාන්ත කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සමාජිකයෙකු වන අතර ඒ මහතා අග්‍රමාත්‍යවරයා හා ජනාධිපතිවරයා සමඟ ඉතා කිට්ටුවෙන් ගණුදෙනු කරන අයෙකි. එසේම යහපාලන ආණ්ඩුව ගෙන ඒමට ඒ මහතා විශාල වැඩ කොටසක්ද සිදු කළේය.

Info Sri Lanka TV

Powered by Blogger.