Ad

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු Crime OICගෙන් ප්‍රකාශයක්.



හිටපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු අනාවරණය වෙමින් තිබේ. මෙම ඝාතනය සිදුවන සමයේ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති, හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම සඳහා තිස්ස සුගතපාල අධිකරණයෙන් අවසර ඉල්ලා තිබූ අතර ඒ සඳහා අවසර ලැබිණි.

ලසන්ත ඝාතන සිද්ධියේ සාක්ෂි විනාශ කිරීම, තොරතුරු වසන් කිරීම, විමර්ශන නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම ඇතුළු චෝදනා රැසක් අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව එල්ල වී තිබේ. ඔහු මේ වනවිට වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින නිළධාරියෙකු ද වේ.

පැවති රජය සමයේ සිදු වූ අපරාධ හේතුවෙන් පොලීසියේ පහළ නිළධාරීන් රැසකට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් බහුතරයක් අදාල අපරාධවලට සෘජුව සම්බන්ධවූවන් නොවේ. ඔවුන්ට සිදුව ඇත්තේ තමන්ගේ ඉහළ නිළධාරීන් සහ දේශපාලකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වන්දි ගෙවීමටයි.

තිස්ස සුගතපාල මහතා පවසන්නේ ඉහළ නිළධාරීන් හෝ දේශපාලකයන් ආරක්ෂා කිරීම සඳහා තමන් බිලිවීමට සූදානම් නොමැති බවයි. ඒ නිසා ලසන්ත ඝාතනය පිළිබඳව සියලු තොරතුරු හෙළි කරන බවත් ඔහු කියා සිටී.

අමල් සහ ප්‍රසන්න කන්නේ කාගේ පරිප්පුද ?

ලසන්ත ඝාතනය සහ කීත් නොයාර් මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යන දෙදෙනාට ද එල්ල වී ඇත්තේ සාක්ෂි වසන් කිරීම සහ පරීක්ෂණ නිසි පිරිදි සිදු නොකිරීම වැනි චෝදනාය.  ඒ අනුව මොවුන් කටයුතු කර ඇත්තේ මෙම අපරාධවලට වගකිව යුතු පුද්ගලයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. සරළව කිවහොත් දේශපාලනඥයන් සහ ඉහළ නිළධාරීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අනීතික කටයුතු සිදු කිරීමයි.

අපරාධයක් සිදු කිරීම මෙන්ම අපරාධයක් වසන් කිරීම, සාක්ෂි වසන් කිරීම, පරීක්ෂණ කඩාකප්පල් කිරීම ද බරපතල වැරදි වන අතර මෙම නිළධාරීන්ට බලවතුන් බේරාගැනීම වෙනුවෙන් සිදුකළ කටයුතුවලට වන්දි ගෙවීමට සිදුව තිබේ.

අමල් කරුණාසේකර සහ ප්‍රසන්න නානායක්කාර යහපත් සේවා ඉතිහාසයක් සහිත නිළධාරීන් ලෙස සැලකේ. කෙසේ වෙතත් අද ඔවුන්ට සිදුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ, හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ඇතුළු පුද්ගලයන් සිදුකළ අපරාධ වෙනුවෙන් වන්දි ගෙවීමටයි.

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.