දෙසතිය අලුත් අතකට : සංජය ලියනගේ කතෘ තනතුරට අද සිට.




වසර 35කට අධික කාලයක් තිස්සේ  ශ්‍රී ලංකාවේ පළවන එකම පුවත් සඟරාව වන "දෙසතිය" සඟරාවට නව කතෘවරයෙක් පත්කර ඇතැයි වාර්තා වේ.

ඒ මාධ්‍යවේදී සංජය ලියනගේ මහතාය.

අද (05) දින වැඩ භාර ගැනීමට නියමිත ඒ මහතා මෙරට ජාතික පුවත්පත් ගණනාවක මාධ්‍යවේදියෙකු, විශේෂාංග කතෘවරයෙකු, ව්‍යාපාර කතෘවරයෙකු ලෙස සේවය කර තිබේ.

එසේම ස්වාධීන රුපවාහිනී සේවයේ නිෂ්පාදකවරයෙක් ලෙසත් කලක් සේවය කල ඔහු News Tube වෙබ්අඩවියේ කතෘවරයා ලෙස ද කටයුතු කර තිබේ.

Info Sri Lanka News ආරම්භක කතෘවරයා වුයේ ද සංජය ලියනගේ මහතායි.

Latest Video

Powered by Blogger.