‘Hotel Show Colombo 2018’ ජූලි 20 - 22 දිනවල.




සිය 20වැනි සංවත්සරය සමරමින් ‘හොටෙල් ෂෝ කලම්බු 2018’ ප්‍රදර්ශනය ලබන මාසයේදී පැවැත්වීමට ලංකා හෝටල් පාසැල් උපාධිධාරී සංගමය (CHSGA) කටයුතු කරමින් සිටියි.

මෙම උත්සවය ජූලි 20-22 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තරය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

හෝටල්, අවන්හල් හා කේටරින් සේවා සඳහා දකුණු ආසියාවේ විශාලතම ප්‍රදර්ශනය ලෙස සැලකෙන ‘හොටෙල් ෂෝ කලම්බු’ හි ගෝලීය සන්නාම නාම රැසක් දැකගත හැකි වන අතර, ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, සීෂෙල්ස්, ඉන්දියාව හා වෙනත් දකුණු ආසියාතික රටවල නරඹන්නන් හා ගැණුම්කරුවන් ද මේ සඳහා එක්වනු ඇත.

මෙවර ප්‍රධාන ප්‍රදර්ශනයට අමතරව National Barista Championship, National Tabletop Cooking, National Room Stylist Challenge, Culinary Master Class, Ceylon Tea Masters’ Cup and the Colombo Food Fest වැනි විශේෂාංග රැසක් එක්වනු ඇති බව සංවිධායකයන් පවසයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට do-it-yourself මාදිලියේ අවසරපතක් හඳුන්වාදීමට සංවිධායකයන් අදහස් කර සිටියි.

මේ සම්බන්ධව කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවට, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති - කාවන් රත්නායක මහතා, CHSGA හි නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ රත්නායක මහතා පවසා සිටියේ සංචාරක හා සත්කාරකත්ව ක්ෂේත්‍රය යනු මෙරට අංක එකේ ව්‍යාපාරය බවයි.

Info Sri Lanka TV

Powered by Blogger.