TNL වාරණය සාධාරණයි? : යටියන්තොටට ලක්ෂ 33ක් ගෙවල නෑ!



කෑගල්ල යටියන්තොට ප්‍රදේශයේ ඇති ටෙල්ෂාන් නෙට්වර්ක්ස් (පුද්ගලික) සමාගමට (TNL) ලබාදී ඇති ඉඩමට අදාළව වර්ෂ 2003 සිට 2012 දක්වා වූ බදු ලෙස රුපියල් තිස්තුන් ලක්ෂ දහනවදාස් හාරසීය (3,319,400) ක මුදලක් ගෙවා නැති බව රාවය පුවත්පත හෙළිකර තිබේ.

මේ සම්බන්ධයෙන් කැෆේ සංවිධානයෙන් කළ විමසීමකදී කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැ.2965 පිඹුරේ කැබලි අංක 01 සඳහා ටෙල්ෂාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගම ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට තොරතුරු ඉල්ලා ලිපියක් යොමුකළ බවත්, එහිදී ලැබුණු තොරතුරු අනුව හිඟ බදු මුදල රුපියල් 2,390,000 ක් ලෙස හා හිඟ පොලිය රුපියල් 215,400ක් ලෙස මුළු හිඟ මුදලේ වටිනාකම රුපියල් 3,319,400ක් බව හෙළි කර ගැනීමට හැකිවූ බව කැෆේ සංවිධානය වැඩිදුරටත් හෙළිදරව් කර තිබේ.

Ad
Powered by Blogger.