Wanted! සීනිගම දේවාලයට කපුවෙකු ඕනෑකර තිබේ!



ඓතිහාසික සීනිගම දේවාලයේ භාරකරුවකු මාස තුනක්‌ තිස්‌සේ පත් නොකිරීම හේතුවෙන් මහත් ගැටලු රාශියක්‌ මතුව ඇති බව වාර්තාවේ.

මේ වනවිට පත්ව සිටින භාරකරුගේ කාල සීමාව ඉකුත් වී 2018 ජුනි මස හයවැනි දිනට මාස තුනක්‌ ගතවී ඇතත් තවමත් භාරකරුවකු පත්කර නොමැත.

දැනට සිටින භාරකරුට දූෂණ චෝදනා හා අක්‍රමිකතා රැසක්‌ තිබෙන බවත්, ඔහු නැවත පත් නොකරන ලෙසත් සීනිගම පදිංචිකරුවන් දෙදෙනකු වන ටී. එච්. ටියුඩර් ද සිල්වා සහ ටී. එච්. සරත් පද්මසිරි යන දෙදෙනා ලිපියකින් ජනාධිපතිවරයා වෙත දන්වා යවා ඇත.

භාරකරුවකු පත් නොකිරීම පිළිබඳව 2018.06.06 දින බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, භාරකරුවකු පත් කරන ලෙස මීට මාසයකට ඉහතදී ජනාධිපතිතුමාට ලිපි ගොනුවක්‌ ලබා දුන් බවත්, එය නීති අංශයට යොමු කර තිබෙන අතර ළඟදීම භාරකරුවකු පත්කරන බවත්ය.

Info Sri Lanka TV

Powered by Blogger.