Ad

ලාංකික නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙනයන්න 'වෙළෙන්දා' එයි.



ශ්‍රී ලාංකික නිෂ්පාදන වලට අන්තර්ජාතික වෙළෙඳපොළට ඇතුළු වීමේ අවස්ථාව හිමිකර දෙන වෙළෙන්දා ඩොට් කොම් (www.welenda.com ) වෙබ් අඩවිය පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදයේදී එළි දැක්විණි. 

ඇමෙරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන චම්ලි තෙන්නකෝන් මහතා මෙහි නිර්මාතෘවරයා වන අතර මෙමගින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් අති කරලීම ඔහුගේ අරමුණයි. 

වෙළෙන්දා වෙබ් අඩවියේ ලියාපදිංචි වන ඕනෑම ව්‍යාපාරයකට සිය භාණ්ඩ 'වෙළෙන්දා' ඔස්සේ අලෙවි කිරීමට හැකියාව ලැබේ.  

ශ්‍රී ලාංකිකයන් අතර අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමේ පුරුද්ද වේගයෙන් ව්‍යාප්ත වන බවත්, මේ ප්‍රවණතාව හරහා ශ්‍රී ලාංකික ව්‍යාපාර වලට වාසි සැලසීම වෙනුවෙන් වෙළෙන්දා  වෙබ් අඩවිය නිර්මාණය කළ බවත් ඔහු ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා දිවයිනක් වුවත්, මෙරට ව්‍යාපාර වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගත හැකි බවත් ඒ සඳහා මෙම වෙබ් අඩවිය ඔස්සේ අපහසුකම් සැලසීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ පාරිභෝගිකයන්ට මෙමගින් අඩුම මුදලකට භාණ්ඩ මිල දී ගැනීමේ හැකියාව ලැබීමයි. වෙළෙන්දා  හි මිල ගණන්වලට වඩා අඩු මුදලකට අන්තර්ජාලයේ කිසියම් භාණ්ඩයක් මිලට ගත හැකි වුවහොත් පාරිභෝගිකයන්ට එම මුදල් නැවත ගෙවන්නට තමන් ක්‍රියාකරන බව ද තෙන්නකෝන් මහතා සඳහන් කළේය. 

මෙම වෙබ් අඩවියේ සැඟවුණු ගාස්තු නොමැති නිසා මෙහි භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාර වලට ද, පාරිභෝගිකයන්ට ද උපරිම වාසි හිමිවන බව ඔහු ප්‍රකාශ කළේය.

වෙළෙන්දා වෙබ් අඩවිය ජූනි 30 වැනිදා සිට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වනු ඇත.

Powered by Blogger.