මාස 6ට කල්ල මරේ : බදු ආදායම බිලියන 310ක් දක්වා නගී.



මේ වසරේ මුල් මාස 6 තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 310ක බදු ආදායමක් ලබා ඇතැයි එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා පවසයි

අපේක්ෂිත වාර්ෂික බදු ආදායමෙන් 40%ක බදු ආදායමක් වර්ෂයේ පළමු මාස 6 තුළ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වූ බවත් 39.9%ක ප්‍රතිශතයක් කරා ළඟා වීමට සිය දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණු බවත් ඔහු කියා සිටී.

මෙය පසුගිය වර්ෂය හා සසඳා බලන කල 7%ක වර්ධනයක් බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Info Sri Lanka TV

Powered by Blogger.