තවලම නෙළුව වැලි ජාවාරමේ පිටුපස සිටින සැඟවුණු අමුත්තා කවුද?
මෙසේ ඇති තත්ත්වයක් මත ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ බලපෑම් මත පොලිසිය මෙයට ඉඩකඩ ලබාදී ඇති බව ප්‍රදේශවාසීන්ගේ මතය වී ඇත.
එසේම ඔවුන් අප සමඟ ප්‍රකාශ කර සිටියේ මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් ගංඉවුරු පමණක් නොව ඔවුන්ගේ නිවෙස්ද ගං ඉවුරු ඛාදනය හේතුවෙන් ගිං ගඟට බිලිවන බවයි.
එසේම මහා පරිමාණයෙන් බෝට්ටු විශාල ප්‍රමාණයක් යොදා ගං ඉවුරතෙක්ම පාරවල් සකස් කොට විශාල ලොරිරථ යොදා ගනිමින් දිවා රාත්‍රී දෙකෙහිම පවත්වාගෙන යනු ලබන හිනිඳුම හා නෙළුව පොලිස් වසම්හි වැටලීම් සිදු වන්නේ ලාහට ගෙම්බන් ඇහිදින්නාක් මෙන්යයි ගම්වාසීන්ගේ අදහසයි හින්දුම හා නෙළුව පොලිස් ස්ථානාධිපතිවරුනි මෙයට හේතුවන්නේ කාගේ අතපෙවීමක්ද ?
පරිසරවේදීනි, භූවිද්‍යා හා පතලකැනීම් සභාපතිතුමනි , පොලිස්පති තුමනි, පරිසර අමාත්‍යාංශය භාර අතිගරු ජනාධිපතිතුමනි, මෙය ඔබ තුමන්ලාගේ කාරුණික අවධානයට.