'බිඳුණු හදවත් සුවපත් කරමු'



තිස් වසරක සිවිල් යුධ වාතාවරණයකින් මිදී, දැනට නව (9) වසරක් ඉක්ම ගොස් ඇති අතර ශ්‍රී ලාංකිකයන් ලෙස පශ්චාත් යුධ වාතාවරණය පිළිබඳ අප සැලකිය යුතු විශේෂ කාරණා කීපයක් පවතී. උතුරු නැගනහිර මෙන්ම, දිවයිනේ නොයෙක් දෙසට බලපාන අයුරින් පැවති කුරිරු යුද්ධයෙන් පීඩාවට පත්වුවන් බොහෝදෙනෙකි. මෙම පැවති යුද්ධයෙන් පීඩාවට පත් වුවන් බොහෝ දෙනෙකු අදටත් නොයෙකුත්, නොවිසදුනු ගැටළු රාශියක් සමග අසරණව ඇතිබව නොරහසකි. 

ඇතැමුන්ට තම දරණීයන් අහිමිව ඇත, ඇතැමෙක් ආබාධිතව ඇත, ඇතැමුන්ට තම වාසස්ථාන අහිමිව ඇත. මේ පවතිනා ගැටළු වලින් කිහිපයක් පමණි. කිසියම්ම රජයක් මගින්, මෙම ගැටළු නොසලකා හැරීම තවත් ප්රශ්න රාශියකට මූල බීජ වනු බව නොඅනුමානය. දියුණුවෙමින් පවත්නා රටක් ලෙස තවත් ව්යසනයක් කරා රට ගමන් කිරීමට ඉඩ නොසැලසීම රටෙහි පුරවැසියන් වන අපගේ උත්තරීතර වගකීමයි. මෙය එකිනෙකාට චෝදනා කරගත යුතු අවස්ථාවක් නොව, සියලු ජාතීන් රටක් වශයෙන් පෙළ ගැසිය යුතු මොහොතකි. වගකියයුතු රජයක් වශයෙන් මේ සඳහා ගත හැකි ක්රියාමාර්ගයක් වන්නේ සංක්රාන්තික යුක්තියයි.

ශ්‍රී ලාංකිකයන්ට ඉතා නැවුම් සංකල්පයක් වන සංක්රාන්තික යුක්තිය, පශ්චාත් යුධ සමයකින් පසු කාලීනව කිර්යාත්මක කල යුතු තිරසාර සාමයක් උදෙසා වන මූලික අඩිතාලමයි. සංක්රාන්තික යුක්තිය ප්රධාන කොටස් සතරකින් යුක්තවේ. එනම්, සත්ය දැනගැනීමේ අයිතිය, යුක්තිය සඳහා වන අයිතිය, හානිපුර්ණය සඳහා වන අයිතිය සහ නැවත ගැටුම්කාරී තත්වයක් ඇති නොවීමට වගබලගැනීම යන ඒකක සතරයි. 

හානිපුර්ණය නම්, පීඩාවට පත්වූවන්ගේ අවශ්යතාවන් පිලිගැනීම සහ ඒ සඳහා අවශ්ය ප්රතිකර්ම සලකා බැලීම, එමෙන්ම එම ගැටුම්කාරී තත්වයන්ට හේතු මෙන්ම එයින් ඇති වූ ප්රතිවිපාක භෞතික සහ සංකේතාත්මක ලෙස විමසීමට ලක්කිරීමයි. 

හානිපූර්ණ සඳහා වන කාර්යාල පනත මගින් ශ්රී ලoකාවේ පැවති සහ ඇති වූ ගැටුම් වලින් අගතියටත් පීඩාවටත් පත් ශ්රී ලාoකිකයන් හඳුනා ගැනීම සහ එම තැනැත්තන්ට තනි හා සාමූහික වශයෙන් හානිපූර්ණයන් ලබාදීම සිදුවේ. එමෙන්ම මෙය වින්දිත කේන්ද්රීයවේ. මෙහිදී පීඩාවටපත්වූවන් ලෙස;

(i) උතුරු සහ නැගෙනහිර පළාත් වල සිදු වූ සන්නද්ධ ගැටුම් අතරතුර  එහි ප්රතිඵලයක් වශයෙන් හෝ ඊට සම්බන්ධව හෝ එහි පසුවිපාකයක් ලෙස; හෝ 
(ii) දේශපාලන නොසන්සුන්තාවයක් හෝ සිවිල් කැළඹීමක් සම්බන්ධයෙන්; හෝ
(iii) ශ්රී ලංකාවේ පුද්ගල, කණ්ඩායම් හෝ ජන කොට්ඨාස වල අයිතිවසිකම් පද්දති වශයෙන් දැඩි ලෙස උල්ලoඝනය වන අතරතුරදී; හෝ 
(iv) බලහත්කාරයෙන් අතුරුදහන් වීමක් හේතුවෙන්
(v) මානුෂීය නීති හෝ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකින් පීඩාවට පත් තැනැත්තන්;
(vi) අදාළ කොන්දේසි වලට යටත්ව, මියගිය තැනැත්තකුගේ හෝ අතුරුදහන් වූ තැනැත්තකුගේ ඥාතීන්,
(ඥාතීන් ලෙස: මියගිය තැනැත්තාගේ ඥාතීන් ලෙස භාර්යාව හෝ පුරුෂයා/ ළමයින්/ දෙමාපියන්/ සහෝදරයන් සහ සහෝදරියන්/ නැන්දණිය/ මාමණ්ඩිවරුන්/ මස්සිනවරුන්/ නෑනාවරුන්/ බෑණාවරුන් /ලේලිවරුන්/ මුණුබුරු මිණිබිරියන් සහ සීයලා සහ ආච්චිලා හඳුනා ගැනේ)

යන තත්වයන් යටතේ හඳුනාගැනේ.

හානිපූර්ණ ක්රියාවලියේදී “තනි හානිපූර්ණය” සහ “සාමූහික හානිපූර්ණ” යනුවෙන් අංශ දෙකක් යටතේ  ක්රියාත්මක වේ. තනි හානිපූර්ණය ලෙස තනි පුද්ගලයකු අරමුණු කරගත් පිළිවෙතක් ක්රියාත්මක වන අතර එහිදී;

(i) පීඩාවට පත් තැනැත්තකු සඳහා සපයන යම් මුල්යමය ගෙවීම් හෝ ද්රව්යමය ප්රතිලාභ
(ii) ක්ෂුද්ර මුල්ය සහ සහනදායී ණය,
(iii) අධ්යාපනික වැඩසටහන්, පුහුණු කිරීම්, සහ කුසලතා සංවර්ධන වැඩසටහන්:
(iv) මනෝ සමාජීය සහය ඇතුළු පරිපාලන සහාය, සහ සුභසාදන සේවා;
(v) ඉඩම් සහ නිවාස සැපයීම ඇතුළු, ප්රතිෂ්ඨාපන පියවර
(vi) හානිපූර්ණ කාර්යාලය විසින් හඳුනාගනු ලබූ වෙනත් සුදුසු පියවර
යනාදිය ඇතුලත් වේ.

සාමූහික හානිපූර්ණ ලෙස කණ්ඩායම් හෝ කොට්ඨාස වශයෙන් පීඩාවට පත්වුවන්ට ඵලදායී ප්රතිකර්ම සහ ප්රතිලාභ සඳහා වන අයිතිවාසිකම් පිලිගැනීම අරමුණු කරගත් පියවර ඇතුලත් වේ.

(i) යටිතල පහසුකම් සංවර්ධනය 
(ii) අධ්යාපනික වැඩසටහන්, පුහුණු කිරීම්, සහ කුසලතා සංවර්ධන වැඩසටහන්:
(iii) ප්රජා සංවර්ධන වැඩසටහන් හෝ සේවා
(iv) පීඩාවට පත් ජන කොට්ඨාස තුලින් විමසා, හානිපූර්ණ කාර්යාලය විසින් හඳුනාගනු ලැබූ වෙනත් සුදුසු වැඩසටහන්.

මෙහිදී හානිපූර්ණ කාර්යාලය පනත යනු මුල්ය ප්රතිපාදන සැලසීමට පමණක් සීමා වුවක් නොවන බව මැනවින් පැහැදිලි වේ. 

ජනාදිපතිතුමන් විසින් සභාපතිතුමන් සහ කොමසාරිස්වරුන් සතර දෙනෙකු ව්යවස්ථා සභාවේ අනුදැනුමද ඇතුව තෝරා පත්කරනු ලැබේ. 

මෙම කාර්යාලය සතු බලතල වනුයේ, 
- හානිපූර්ණය සඳහා වන අයදුම් පත්ර සහ නිර්දේශ ලබාගැනීම.
- හානිපූර්ණ සඳහා සුදුසු පීඩාවට පත් පුද්ගලයන් හඳුනා ගැනීම.
- පෙර/දැනට පවත්වාගෙන යන වැඩ සටහන් සඳහා මෙන්ම කාර්යාලයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම
- හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අදාළ නීති සම්පාදනය, හානිපූර්ණය ලබාදීම සහ ක්රියාවට නැන්වීම සම්බන්දයෙන් ප්රතිපත්ති නිර්දේශ කිරීම. (එම ප්රතිපත්ති කැබිනට් අමාත්ය මණ්ඩලය මගින් අනුමත කරයි නම්)
- තොරතුරු ලබාදීම, පීඩාවට පත්වූ පුද්ගලයා හට අනුග්රහය දක්වීම සහ රැකවරණය සැපයීම. එමෙන්ම අයදුම් පත්රයේ තත්වය සම්බන්දයෙන් දැනුවත් කිරීම.
- කාර්යාලයට හෝ හානිපූර්ණයට අතිරේක කාරක සභා, අංශ සහ ඒකක ගොඩනැගීම (අවශ්ය අනුග්රහ වශයෙන්). එමෙන්ම සේවක සහ නිලධාරී මණ්ඩලයේ විනය පවත්වාගෙන යාම.
- අවශ්ය අවස්ථාවල රජය, පවතින ආණ්ඩුව, පළාත් හෝ දේශිය බලධාරීන්ගෙන් සහය ලබාගැනීම. එමෙන්ම අදාල පුද්ගලයන් මාර්ගයෙන් අවශ්ය විදිවිධාන සපයාදීම. 
- හානිපූර්ණය සපයන සහ හානිපූර්ණය සඳහා වන කාර්යාලය ක්රියාත්ම කිරීමට වන අරමුදල් කලමනාකරණය.

මෙම හානිපූර්ණය සඳහා වන කාර්යාලය මීට පෙර මේ සඳහා වූ උත්සාහයන්ගෙන් වෙනස්වේ. එනම්:

1- පෙර වැරදි තුලින් ඉගැනීම :  හානිපූර්ණය සඳහා වන කාර්යාලය පෙර අත්දැකීම් සලකා බලයි. ප්රවිචාරණ කාර්යසාධක බලකාය මගින් ලබාදෙන ලද නිර්දේශ ප්රතිපාධනයේදී සලකා බැලීම.
2- ස්වාධීන ආයතනයක් : ව්යවස්තානුකුල ව්යුහය ක්රියාත්මක වීම සඳහා ආණ්ඩුවේ වෙනස් වීම බලනොපෑම.
3- මාර්ග නිර්දේශයන් :ප්රතිපත්තීන් සහ හානිපූර්ණයන්  ක්රියාත්මක වීමේදී, හානිපූර්ණය පනත අනුගමනය කිරීම සඳහා ඉතා දැඩි මාර්ග නිර්දේශ ලබා දී තිබීම.
4- වෙනස්කොට නොසැලකීම, වින්දිත කේන්ද්රීය සහ සාධාරනීය භාවය : හානිපූර්ණය ලබාදීමෙදී කාන්තාවන්, ළමුන් සහ අබාධිත පුද්ගලයන්ගේ අවශ්යතාවයන් විශේෂ කොට සලකා බැලීම.
5- ඒකාබද්ධතාව : මෙම කාර්යාලය අතුරුදන් වූ තැනැත්තන්ගේ කාර්යාලය වැනි ක්රියාත්මක වන අනෙකුත් වයුහයන් සමග සම්බන්ධවේ.

ශ්‍රී ලාංකිකයන් ලෙස අඳුරු අතීතයකින් දීප්තිමත් අනාගතයක් කරා සියලු ජාතීන් සමග එක්ව පියමැනීමට නම් මෙම ක්රියාවලිය නොසලකා හැරිය නොහැක. බිඳුණු සිත් නොතකා අපට රටක් ලෙස දීප්තිමත් අනාගතයක් පිලිබඳ සිතිය හැකිද? තිරසාර සංවර්ධනයක් කරා පිය මැනීමටනම් සියලු ජාතීන් එකාවන්ව ක්රියා කල යුතුවේ. 

ශක්තිය ගොඩනැගෙන්නේ එක්සත්වීම තුලයි -  ඊසොප්.

[සංජිව විමලගුණරත්න]

Latest Video

Powered by Blogger.