ධම්මික ශ්‍රී ලංකාවේ මුල් වරට AI යොදා ගත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවයි.


සමාගම්වල ලාභය සඳහා පිරිවැය අඩුකරගැනීම ප්‍රධානම ගැටළුව වී තිබුණු බවත්, මීළග අවුරුදු 5 සඳහා තම සමාගම්වලට යොදා ගනු ලබන පිරිවැය පාලන හා තාක්ෂණික වැඩසටහන් නිසා ආර්ථිකය කුමන මට්ටමට පැමිණියත් තම සමාගම්වලට ගැටළුවක් වන්නේ නැති බවත් වැලිබල් වන් පීඑල්සී සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා පැවසීය. 

ඊයේ (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“අපේ පිරිවැය 8% කින් වැඩිවෙනවා නම්, භාණ්ඩවල මිල වැඩි නොකොට පිරිවැය වැඩිවීම අවශෝෂණය කර ගත හැකි සැලසුමක් අපිට තියෙනවා. ලංකාවේ ප්‍රථම Board Meeting එක වෙයි තව මාස 6 කින්, Artificial  Intelligence යොදා ගෙන Board Meeting තියන. මම first meeting එක ලබන මාසේ පෙන්වනවා. දැනට තියෙන situation එකට ඒ BI tools යොදා ගෙන කතා කරක හැම දෙයක්ම screen එකට ගන්න පුළුවන්.“

“රොසෙල් වගේ ආයතනයක, අවුරුද්දකට අපි අලුත් මෝස්තර 200 ක් විතර හදනවා. ඒකෙන් 60 ක් තමයි takeoff වෙන්නේ. 140 ක් fail වෙනවා. අපි ඒක test කියලා තමයි ගන්නේ. හැබැයි Artificial  Intelligence වලින් මට ටයිල් 80 ක් හදලා, 60 ක් takeoff කරන්න පුළුවන්. 20 යි fail වෙන්නේ. අනිත් කම්පැනිවලටක් මේක හොඳ උදාහරණයක්.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැලිබල් වන් සභාපතිවරයා පැවසුවේ, තමන් නියමු ව්‍යාපෘතියක් ලෙසින් පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මෙම තාක්ෂණය යොදා ගනිමින් පැවැත්වූ බවත්, මීළඟ අවුරුදු 5 තුළ සියයට 8 කින් පිරිවැය ඉහළ යාමේ ගැටළුවට තමන් සතුව විසඳුම් ඇති බවත්ය.


තව වසර 3 කින් කොළඹ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,650 යි

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා මෙසේ පැවසීය.

“රටක් සාමාන්‍ය යෙන් දියුණුයි කියලා කියන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,650 යි. මම හිතන්නේ තව අවුරුදු 3 ක් විතර යන කොට කොළඹ නගරය ඩොලර් 12,650 achieve කර ගන්නවා.“

“ඩුබායි, සිංගප්පූරු වගේ රටවල් ගත්තොත් ඒවා ඔක්කොම city. Country කිව්වට city සිටි. ඇත්තටම අපි හිතුවොත් මේ city එක මං හිතන්නේ developed level ලෙවල් එකට තව අවුරුදු 3 කත් ඇතුළත අපි ගමන් කරමින් ඉන්නවා. ඒ කියන්නේ රටේ ජනතාවගෙන් සියයට 5 ක් ඉන්න city එක developed කියන ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ.“


“එතකොට අපිට තියෙන්නේ සියයට 95 ක් ඉන්න අනෙක් දිස්ත්‍රික්ක මේ ලෙවල් එකට ගේන්න කොහොමද කියන එක විතරයි. මං හිතන්නේ ඒ වගේ ගෝල් එක, ඒ එක එක දිස්ත්‍රික්කවලට ලැහැස්ති කර ගත්තොත්, මං හිතන්නේ ඒ ගෝල් එකත් ගහන එක එච්චර අමාරුවක් නැහැ.“

Info Sri Lanka TV

Powered by Blogger.